රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීමට සැලැස්මක් සකස් කරන්න ජනපතිගෙන් උපදෙස්

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළ 2025 වසරේ අයවැය ප්‍රතිපාදන යෙදවීම පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යලයේ දී අද (15) පෙරවරුවේ පැවැත් වුණා.

මෙහිදී, 2025 වර්ෂයට අදාළව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ආයතන 08ක් සඳහා වෙන් කෙරුණු ප්‍රතිපාදන සහ ඊට අදාළ ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය වෙන් වෙන් වශයෙන් සමාලෝචනය කෙරුණා.

තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇතුළුව සියලුම ක්ෂේත්‍රවල මෙතෙක් පැවති ගැටලුව වන්නේ එහි උන්නතිය වෙනුවෙන් නිසි පරිදි අයවැය ප්‍රතිපාදන වෙන් නොවීම බවත්, පසුගිය අයවැයේදී සෑම ක්ෂේත්‍රයක් සඳහාම අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇතත්, ඒවා නිසි පරිදි අදාළ ව්‍යාපෘති සඳහා යෙදවීම පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ප්‍රතිපාදන මෙම මූල්‍ය වර්ෂය තුළ නිසි පරිදි අවසන් කර ජනතාවට ප්‍රතිලාභ සැලසීම ප්‍රමුඛ කාර්යක් සේ සලකා කටයුතු කළ යුතු බවද අවධාරණය කළේ.

රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීම, ක්‍රීඩාවට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය, ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දක්වන ක්‍රීඩකයින් හඳුනා ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ක්‍රීඩකයන් ජාත්‍යන්තර තලයට ගෙන යාම අරමුණු කර ගනිමින් 2026 වසර සඳහා අයවැය යෝජනා සකස් කිරීමේ වැදගත්කම පිළිබඳව ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කරනු ලැබුවා.

මෙහිදී රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීමට අවශ්‍ය සැලැස්ම සකස් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා, ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේදී ක්‍රීඩා සංගම්වල දායකත්වය හැකි උපරිමයෙන් ලබාගන්නා ලෙසත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත් උපදෙස් දුන්නා.

ඒ, සඳහා කෙරෙන ප්‍රතිපාදන වෙන් කිරීම හුදු ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා පමණක් නොව, රටේ සෞඛ්‍යය, සමාජ සුබසාධනය, අපරාධ අඩු කිරීම, මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදාගැනීම, සාමූහිකත්වය නිර්මාණය කිරීම මෙන්ම, ජව සම්පන්න ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම ආදී අරමුණු රැසක් එකවර ළඟා කර ගන්නා ආයෝජනයක් බව ජනාධිපතිවරයා විසින් අවධාරණය කරනු ලැබුවා.

එමෙන්ම, ක්‍රීඩාවේදී ජවය පමණක් ප්‍රමාණවත් නොවන බවත්, මේ යුගයේදී පුහුණුව සහ තාක්ෂණය එහි තීරණාත්මක සාධක බවත්, ක්‍රීඩකයන්ට ඊට අවශ්‍ය පහසුකම් ලබාදීම ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යයක් බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

මේ වන විට ප්‍රතිපාදන වෙන් කර ඇති කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය මෙන්ම, කිලිනොච්චිය සහ මන්නාරම ඇතුළු දිවයින පුරා ඉදිකරමින් පවතින ක්‍රීඩාංගණවල ප්‍රතිසංස්කරණ සහ ඉදිකිරීම් කඩිනම් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නා.

ක්‍රීඩාවට අදාළ යටිතල පහසුකම් සංවර්ධනයේදී විශේෂ ඉදිකිරීම් සඳහා විශේෂඥ ඥානය තිබෙන පිරිස් යොදා ගැනීමේත්, ඒ සඳහා රජය පාර්ශ්වයෙන් උපදේශන සමාගමක් ස්ථාපිත කිරීමේත්, ජාත්‍යන්තර මට්ටමේ උපදේශන සේවා ලබා ගැනීමේත් වැදගත්කම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් වුණා.

පාසල් ක්‍රීඩාව සංවර්ධනය සඳහා අවධානය යොමු කරන ලෙස ද නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට සූදානම් බවද ප්‍රකාශ කළා.

ඉහත සියලු කරුණු සලකා බලා ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් නව සංයුක්ත සැලැස්මක් හැකි ඉක්මණින් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී අමාත්‍යාංශ නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නා.

එමෙන්ම, පසුගියදා පැවති 2025 ජාතික තරුණ සමුළුවට සම්බන්ධ වූ තරුණ-තරුණියන්ගේද දායකත්වය සහිතව තරුණ කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබීමට නියමිත ඉදිරි සැලසුම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46