රට ගොඩනඟන අරමුදලට ගංගාරාම විහාරස්ථානයෙන් රුපියල් මිලියන 30ක්

ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේදී මෙන්ම ආපදාවට ලක් වූ දිවයින පුරා විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැංවීම සඳහා විදේශ බෞද්ධ විහාරස්ථානවල සහාය ලබාගැනීම සම්බන්ධීකරණය වෙනුවෙන් සහාය ලබාදෙන බව හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූ අවස්ථාවේදීයි.

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට සිය දායකත්වය සපයමින් කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානය රුපියල් මිලියන 30ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා.

ගංගාරාම විහාරස්ථානය සමග සමීපව කටයුතු කරන දෙස්, විදෙස් කණ්ඩායම්වල සහයෝගය ඉදිරියේදී මෙම අරමුදලට ලබාදීමට කටයුතු කරන බව මෙහිදී සඳහන් කළ පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියෝ, මෙම අසීරු අවස්ථාවේ ජනතාවට සහන සලසමින්, රටට නිවැරදි නායකත්වයක් ලබාදීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ අගය කළා.

රටත්, ජනතාවත් අසීරුතාවට පත් වු සෑම මොහොතකම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පෙරට පැමිණ කටයුතු කළ අන්දම මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා මෙම අවස්ථාවේදී ද ලබාදෙන දායකත්වය ද කෘතවේදීව අගය කර සිටියා.

විහාරස්ථ සහ විදේශීය ස්වාමීන් වහන්සේලා පිරිසක්ද, දායක සභාවේ සාමාජිකයෝ සහ විදෙස් නියෝජිත පිරිසක් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28