රටේ ඉස්සරහට නැති වෙන්නේ කන්න ටික විතරක්ම නෙමෙයි….

මේ දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ දක්ශ වෘතිකයන් වේගයෙන් රට අත්හැර යනවා.මේ ඒ හැර යාමත් සමග අපේ රටේ ඇතිවෙන බුද්ධිමත් මිනිසුන්ගේ අඩුපාඩුව ගැන කතාවක්.මේ සටහන මුහුනුපොතේ තබා තිබුනේ දොස්තර වෛද්‍ය චන්දිම ජයසිංහ මහතායි.

සිදුරුවූ හදවත

පසුගිය දවසක ළමා රෝග සායනයේ මාත් තව වෛද්‍යවරයෙකුත් සුපුරුදු පරිදි රෝගී දරුවන් පරික්ෂා කරමින් සිටියා. මේ අතර වයස මාස 6ක් පමණ වන ළදරුවෙකුත් ව‍ඩාගෙන අම්ම කෙනෙක් ඇතුලට ආවා.

“ඩොක්ට බබාගේ පපුවේ සිදුරක් තියෙනවා කියල ඉ‍පදෙද්දි කිව්වා, ඒක වැහිලද බලන්න මාස 6කින් 2D Echo පරීක්ෂණය ආපහු කරන්න කිව්වා. Echo කාමරයට ගියාම කිව්වා මේක කරන්න ඉල්ලපු ඩොක්ට දැන් නෑ, රට ගිහින් කියලා. අපිට මේක private හරි කරගන්න තැනක් කියනවද?”

ඒ අම්මා බැගෑපත් උනා.

ලංකාවටම ළමා හෘදරෝග විශේෂඥ වෛද්‍යවරු ඉන්නේ 10 දෙනයි. මේ අඩුපාඩුව නිසා එවැනි වෛද්‍යවරු නැති‍ රෝහල් වල සමහර වැඩිහිටි හෘදරෝග විශේෂඥ වෛද්‍යවරු උදව්වක් විදියට හදිස්සි අවස්ථා වලදී දරුවන්ගේ 2D Echo පරීක්ෂණ කරලා දෙනවා. මේ වගේ උදව් කරපු වෛද්‍යවරයෙක් පහුගිය දවසක අපේ රටට අහිමිවුනා.

බුද්ධි ගලනය කියන්නේ විහිලුවක් නෙවෙයි. ලංකාවේ වෛද්‍යවරයෙකුට ඉතා පහසුවෙන් විදෙස් රටක, ලංකාවේ ගෙවනවා වගේ කීප ගුණයක වැටුපකට ඉතා සුවපහසු ජීවිතයක් ගත කරන්න පුලුවන්. මේ මාසයේ සිට ක්රියාත්මක වුන සියලු සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුවත් එක්ක, මේ රටේ ඉහළ යන ජීවන වියදමත් එක්ක තවදුරටත් ජීවත් වෙන්න පුලුවන්ද කියන එක අපි කාගෙත් හිත යට පත්තු වෙන, නිවෙන්නේ නැති ගින්දරක්.

image 8

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙමව්පියොයි, කෝච්ලයි එකතුවෙලා පිට්ටනියේ හිටිය ළමයිට ගුටි පූජාවක් දීලා..රෝහලට ගෙනියද්දි උණුසුම්
02:17
Video thumbnail
අපිට ඩොලර් පුච්චන්න අයිතියක් නෑ - අත් කහ වෙනකල් වැඩ කරලා එවන ඩොලර් මේ
06:21
Video thumbnail
ජනපති ඉදිරියේම ඉල්ලා අස්වීමට හේතුව කිව්ව කපිල.."මම කැමති වුණේ නෑ කාටවත් මඩ ගහන්න ආයුධ දෙන්න"
04:11
Video thumbnail
ඉල්ලා අස්වුණු ලේකම් කපිල පෙරේරාට බිමල් දුන්න තෑග්ග.. ආචාර කරලා තෑග්ග ගත්ත හැටි
00:46
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බන්ධනාගාර නියාමකවරයෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
00:59
Video thumbnail
දායකයොත් එපා කියද්දිම පන්සලේ හාමුදුරුවෝ කරපු වැඩේ..අවුකන පිළිමයට පමණක් දෙවෙනි වූ ශෛලමය පිළිමය
09:23
Video thumbnail
ගම්බිම් බලා යාමට විශාල ජන ගඟක් මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානයට ඇදෙයි..දිගු පෝළිම්වල ඉන්න හැටි
02:05
Video thumbnail
"හමුදාවේ බලය පෙන්නලා මට සද්ද දැම්මා"පැමිණිල්ල ඉල්ලා අස්කරගත්තේ නැත්තම් මං ගැන බලාගන්නම් කිව්වා
03:18
Video thumbnail
අපේ සමාජයට අවශ්‍යයයි නව හර පද්ධතියක් - ඊළඟ සමාජයේ හැඩරුව තීරණය කරන්නේ තරුණ පරපුර
07:08
Video thumbnail
ජනපති, මත්ද්‍රව්‍ය ගැන කළ ප්‍රබල හෙළිදරව්ව - තරුණයන් ඉදිරියේ විනාශකාරී දොරටුවක් තියෙනවා
06:27