රටේ අනුමත වූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොමැති බව කෝපා කමිටුවේ දී අනාවරණය වෙයි

මේ දක්වාම ශ්‍රී ලංකාවේ අනුමත වූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය වුණා.

මේ පිළිබඳ අනාවරණය වූයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත්නගේ සභාපතිත්වයෙන් පසුගියදා (23) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී අදහස් දක්වමින් රේඛීය අමාත්‍යාංශයේ සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිලධාරීන් පෙන්වා දුන්නේ අවස්ථා කිහිපයක දී ලබා දී ඇති මගපෙන්වීම අනුව කටයුතු කළද මෙරට තුළ අනුමත වූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් මේ වන විටත් නොමැති බවයි.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විවිධ අවස්ථාවල අධ්‍යාපනය සම්බන්ධයෙන් විවිධ නිර්දේශ ලබාදුන් බවත් ඒවායින් ඇතැම් නිර්දේශ පමණක් ක්‍රියාත්මක වී ඇති බවත්, මෙහිදී නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මේ සම්බන්ධයෙන් කෝපා කමිටුවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ මෙය අතිශයින්ම කණගාටුවට කාරුණක් බවයි.

රටක අධ්‍යාපනයේ වර්ධනය එම රටේ අනාගතය සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණක් බවත් වර්තමාන රජයේ මූලික අරමුණ වී ඇත්තේ මෙරට අධ්‍යාපනය වඩාත් සාධනීය තලයකට ඔසවා තැබීම බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළා.

එබැවින් මෙතෙක් පැවති පාලනයන්ගේ මෙම දුර්වලතාව මගහරිමින් හැකි ඉක්මනින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදීම මෙහිදී සිදුවුණා.

එසේම පසුගිය ආණ්ඩු සමයේ ආරම්භ කළ “ජාතික පාසැල් 1000ක් දක්වා වැඩි කිරීමේ වැඩසටහන” සම්බන්ධයෙන් සහ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති 72ක් සම්බන්ධයෙන් මාස 03ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව නිර්දේශ කළා.

මෙහිදී අන‍ාවරණය වූයේ “ජාතික පාසැල් 1000 ක් දක්වා වැඩි කිරීමේ වැඩසටහන” සම්බන්ධයෙන් පසුගිය රජය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ සාර්ථක වී නොමැති බවයි.

මෙම වැඩසටහන යටතේ පාසල් 23ක් පමණක් ජාතික පාසල් බවට පත් කරමින් මෙම වැඩසටහන අතරමග නැවතී ඇති බවත් මෙහිදී අනාවරණය වුණා.

එසේම පළාත් පාසල් 809ක් ජාතික පාසල් ලෙස නම් කිරීම සඳහා නාමපුවරු සැකසීම වෙනුවෙන් රුපියල් මිලියන 2.42ක මුදලක් නිෂ්කාර්‍යව වැයකොට ඇති බවත් මෙහිදී අනාවරණය වුණා.

මේ නිසා නාම මාත්‍රිකව පාසල් 809ක් ජාතික පාසල් ලෙස නම් කර ඇති බවත්, මෙහිදී අනාවරණය වුණා.

මේ සම්බන්ධයෙන් සහ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති 72ක් සම්බන්ධයෙන් මාස 03ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස කාරක සභාව නිර්දේශ කරනු ලැබුවා.

මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ දැනට පවතින රජයේ ප්‍රතිපත්තිය මත ජාතික පාසල් සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු නොකරන අතර සියලුම පාසල් දියුණු කිරීම වෙනුවෙන් අමාත්‍යාංශය කටයුතු කරන බවයි.

එසේම මෙහිදී ජාතික අධ්‍යාපන කළමනාකරණතොරතුරු පද්ධතිය (NEMIS) සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමු වුණා.

කාරක සභාව පෙන්වා දුන්නේ මේ පිළිබඳ 2024 වර්ෂයේදීද කෝපා කමිටුවේ සාකච්ඡා කර ඇති බවයි.

මෙම දත්ත පද්ධතියේ යාවත්කාලීන තොරතුරු නොමැති බව එහිදී අනාවරණය වී ඇති බවත්, ඒ සම්බන්ධයේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඉක්මනින් කටයුතු කිරීම වැදගත් බවත් මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නා.

එසේම මෙම දත්ත පද්ධතිය ක්‍රියාත්ම කිරීම සඳහා ගිවිසුම්ගත වූ ආයතනය අදාළ පිරිවිතරවලට අනුකූලව පරිගණක උපකරන ලබා නොදීම හේතුවෙන් අමාතයාංශය විසින් මුදල් ගෙවීමට කටයුතු කර නොතිබුණි.

මේ හේතුවෙන් මෙම ලැප්ටොප් පරිගණක 328ක් සම්බන්ධයෙන් සැපයුම් ආයතනය නඩු පැවරීම හේතුවෙන් වසර 02 මාස 04ක් ගබඩාවේ තාක්ෂණික තත්ත්වයෙන් බැහැරවෙමින් භාවිතයට නොගෙන පැවතීම සම්බන්ධයෙන් ද මෙහිදී කමිටුව අනාවරණය කළේ.

තව ද අදාළ පනත් ප්‍රකාරව අද්‍යාපන අමාත්‍යාංශය සතු ඉඩම් වෙනත් පුදුගලයන්ට බදු දීමට බස්නාහිර පළාත්සභාවට නෛයිතික හැකියාවක් නොතිබියදී පළාත් අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් අනුව පර්චස් 40 ක ඉඩමක් හා ගොඩනැගිල්ලක් බදු දීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යෙ‍ාමු වුණා.

මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීම සිදු වූ අතර පාසල් සතු සියලු ඉඩම් ඉක්මනින් නිරවුල් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස කාරක සභාව නිර්දේශ කළා.

එසේම මෙම සියලු දත්ත සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසද කෝපා කාරක සභාව නිර්දේශ කරනු ලැබුවා.

මීට අමතරව හම්බන්තොට මහානාග ජාතික පාසලේ සහ මීරිගම පල්ලෙවෙල මහා විද්‍යාලයේ ඉදිකරන ලද තාක්ෂණික විද්‍යාගාරවල ගොඩනැගිල්ලේ ඉරිතැලීම් ඇති වී ඇති බවත්, මීට හේතුව විද්‍යාගාරවල ව්‍යුහාත්මක සැලැස්මේ පැවති අඩුපාඩු බවත් විශේෂ󠇋ඥ 󠇚වාරතා මගින් අනාවරණය වී තිබුණා.

එබැවින් මේ සම්බන්ධයෙන් ද වාර්තාවක් හැකි ඉක්මනින් ලබාදෙන ලෙස කෝපා කාරක සභාව නිර්දේශ කළා.

එසේම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වර්තමානයේ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් කෝපා කමිටුව සිය ප්‍රසාදය පළ කරන බව ද මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14