spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රටින් සහල් ගෙන්වීම නවතී

සහල් ආනයනය නතර කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙය්දී ඇත .

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ ඉල්ලීමක් අනුව එම තීරණය ගෙන ඇත මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් තවදුරටත් නැති බැවින් සහල් ආනයනය කිරීම අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේ ජනාධිපතිවරයා හමුවූ පාර්ලිමේන්තුවේදී අවස්ථාවකදීය . මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ පසුගිය යල කන්නයේදී ඉහළ වී අස්වැන්නක් ලැබීමත් , මෙවර මහ කන්නයේදී මේ වන විටත් වගා කිරීමට ඉලක්ක කරන ලද ඉඩම් ප්‍රමාණය වන හෙක්ටයාර් ලක්ෂ 08 න් හෙක්ටයාර් 675,600 ක් පමණ වගා කිරීමටත් ගොවි ජනතාව කටයුතු කර ඇති බැවින් 2023 වසරේදී රටට සහල් හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නැති බවයි .

ඒ අනුව සහල් මෙරටට ආනයනය කිරිම අත්හිටුවන ලෙස දන්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර් . සමරතුංගට උපදෙස් ලබාදී තිබේ.

2021 වසරේ මහ කන්නය වී වගාව අසාර්ථක වීම නිසා මෙරට සහල් හිඟයක් ඇති වෙතැයි අනාවැකි පළ වූ නිසා දිගින් දිගටම මෙරටට සහල් ආනයනය කිරීමට පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය පියවර ගත්තේය ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට මෙරටට ආනයනය කරන ලද සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 675,288 කි . ඊට වැය කර ඇති මුදල රු . මි . 73,627 කි . වී අලෙවි මණ්ඩලය මගින් වී මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් රුපියල් මිලියන 2000 ක මුදලක් අනුමත කළ ද රාජ්‍ය බැංකු මගින් එම මුදල් ලබා ගැනීමට නොහැකි විය . එම නිසා වී අලෙවි මණ්ඩලය සතු මුදල් වලින් රුපියල් මිලියන 8550 ක් වැය කර පසුගිය යල කන්නයේ වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් 7072 ක් මිලදී ගැනීමට කටයුතු කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?