විදේශ රැකියාවල නියුක්තව සිටින ශ්‍රී ලාංකිකයන් උපයන විදෙස් මුදල් වලින් රටට ලැබෙන්නේ අඩක් (50%) පමණක් වන අතර ඉතිරි අඩත් අප රටට ගෙන්වාගැනීමට වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා, අවධාරණය කරනවා.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියාසිටියේ රටට විදේශ සංචිත අත්‍යවශ්‍ය මොහොතක, විදේශගත ශ්‍රී ලාංකිකයන් රටට එවන මුදල් ප්‍රමාණය දෙගුණයක් කළ හැකි බවයි. ඒ සඳහා මහ බැංකුව ඇතුළු රටේ බැංකු හා මූල්‍ය පද්ධතිය කිසිඳු ඉදිරි පියවරක් තබා නොමැති බව, ඉදිරිපත්ව ඇති කරුණු අනුව පෙනීයන බව ද ඔහු සඳහන් කළා.
රටවිරුවන් දාහතර ලක්ෂයක් සම්බන්ධයෙන් කිසිදු නිසි තොරතුරු පද්ධතියක් තුළ නොමැති බවත්, කුමන රටවල් කුමන නගරවල කුමන ක්ෂේත්‍රවල රැකියා තිබේද, ඉල්ලුම වැඩි කුමන ස්ථානවලද, පුහුණු ශ්‍රමිකයන් යැවිය හැකි අවස්ථා තිබෙන්නේ කුමන රටවලද, යනාදීය දැනගැනීමට මෙම තොරතුරු පද්ධතිය මෙතෙක් කලක් නොමැති වීම බරපතල පාඩුවක් අඩුවක් බවද යදාමිණි ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
ඔහු මෙම අදහස් පළ කළේ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා වෙත යොමු කළ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අතුරු ප්‍රශ්න විමසමින්.
මෙහිදී අදහස් දැක්වූ යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා…
“ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන් ගරු අමාත්‍යතුමාට ස්තූතිවන්ත වෙනවා, මේ ප්‍රශ්නය මාස ගණනාවක් කල් දදා කල් දදා විවිධ ආයතනවල රස්තියාදු ගිහින් තමයි අද ඇවිත් තියෙන්නේ. ඇමතිතුමා අද ඉදිරිපත් වීම සම්බන්ධව ස්තූතිවන්ත වෙනවා.
ගරු ඇමතිතුමනි, ලක්ෂ 14කට විතර ආසන්න අපේ රටේ ජනතාවක් විදේශගතව මේ රටට නැවත ප්‍රේෂණ මඟින් විදෙස් සංචිත එවනවා. නමුත් මේ ඉපයීම්, වටවන්දනාවේ ගිහිල්ලා විවිධ වූ වෙනත් පිං කැට පුරවන නිසා අපේ රටට එන්නේ අඩක 50%ක ප්‍රමාණයක්. ඉතිරි 50% ලංකාවට ගෙන්වා ගැනීමට වැඩපිළිවෙළක් අත්‍යාවශ්‍යයි.”
“රටට විදේශ සංචිත ඕනේම අවස්ථාවක්. ජනතාවගේ අතට වැඩිපුර මුදල් ටිකක් එන්නට ඕනේ. මේක දෙගුණයක් කරන්නට මහ බැංකුව ඇතුළු මේ රටේ මූල්‍ය පද්ධතිය, නව තාක්ෂණය කිසිඳු ඉදිරි පියවරක් තියලා නැති බව තමා ඇමතිතුමා කියන කාරණාවලින් පැහැදිලි වෙන්නේ. මේ සම්බන්ධයෙන් අමාත්‍යංශයත්, නියෝජිත ආයතනත් එක්ක ගෙන තිබෙන පියවර මොනවද කියලා ඉස්සෙල්ලාම දැනගන්න කැමතියී.”
“දැන් මේසා වැදගත්වෙච්ච විදේශ මුදල් සංචිත ප්‍රමාණයක් ඇතිකරගන්න පුළුවන් ක්ෂේත්‍රයක් වෙලත්, ඒ වගේම මේසා විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය කරගන්න පුළුවන් වෙච්ච ක්ෂේත්‍රයක් වෙලත්, ඒ තොරතුරු පද්ධතිය නැතුව මොන රටවල්වල, මොන නගරවල, මොන ක්ෂේත්‍රවලද ඉල්ලුම වැඩි, කොහෙටද මේ පුහුණු ශ්‍රමිකයන් යවන්න පුළුවන් අවස්ථා තියෙන්නේ ආදි තීරණ ගන්න මේ නිසි තොරතුරු පද්ධතියක් සහ ප්‍රේෂණ ක්‍රමවේදයන් හදන්න ඕනා.”
“මේ විදෙස් රැකියා ක්ෂේත්‍රය දැන් පෙන්නුවා මාසෙන් මාසෙට කොහොමද දියුණු කරලා, විදෙස් සංචිත ගෙන්න ගන්න පුළුවන් කියලා.
මෙතෙක් කල් දැන් ඔය කියන පිළිතුර අනුව විදේශ අමාත්‍යංශයේ තොරතුරු නෑ කොහෙද ඉන්නේ කියලා, විදේශ රැකියා එකේ තොරතුරු නෑ. මහ බැංකුවේ තොරතුරු නැ. ගම්වලත් තොරතුරු නෑද්ද?
මේ රටේ ජීවත් වන මව්වරුන්ගේ දරුවන් නේ ගිහිල්ලා තියෙන්නේ. මේ තොරුතුරු එකතු කරගන්න ඇයි අපහසු. ඇයි මේ පද්ධතිය මෙතෙක් කල් නිර්මාණය වෙලා නැත්තේ?














WAR EKA KARA GANNA ONA NISA EYI KALAYE KOLLANTA KELLANTA GILLUWA RANAWIRU KIYALA DIRAPU LANUWA, GILLA UNGEN 20-30K WALA PALLE. COVID 19 KALAYE HOSPITAL WALA DIWA REYA NOBALA WEDA KALA HEDA WAYIDHYA SEWAYA KALA AYATA DUNNA SUWAVIRU DIRAPU LANUWA. EYALAHT EKA KEWA NIYAMETA. DAN MUN HORAKAM KARALAMA BANKOLOTH KALA RATATA PITA RATA GIHIN AWWE DIWA REYE BELA MEHEWARA KARALA SALLI EWANA UNTA GILLUWA RATAVIRU DIRAPU LANUWA. UN EKA GILALA DAN EWANAWA HIUTU KIYALA SALLI, MUNTA THAWA HORA KANNA. ME HEMA MODA VIRUWAMA ONA WEDA TIKA KARAWA GATHTHAYIN PASSE BALU KARALA PAGALA DANAWA. RANAVIRUWANTA PAHUGIYA DAWASWALA NELAPU NELILLA KOHOMADHA. SUWA VIRUWANTA KELAPU KELILLA KOHOMADHA.