රටවල් කිහිපයක් ජගත් සංවිධානයට අරමුදල් සැපයීම නතර කරයි

පලස්තීනය සඳහා වන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය වන UNRWA සඳහා අරමුදල් අත්හිටුවීමට එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ඉතාලිය සහ කැනඩාව තීරණය කර තිබෙනවා.

ඔක්තෝබර් 7 වනදා සිදුවූ හමාස් ප්‍රහාරයට සම්බන්ධ බවට එල්ල වූ චෝදනා මත එහි කාර්ය මණ්ඩලය කිහිප දෙනෙකු සේවයෙන් පහ කරන බවට නිවේදනය කිරීමෙන් පසුවයි එම රටවල් මෙම තීරණය ගෙන ඇත්තේ.

UNRWA පවසන්නේ ඊශ්‍රායලය විසින් සපයන ලද තොරතුරු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තමන් නියෝග කර ඇති බවයි.

මෙම පුවතෙන් තමා භීතියට පත් වූ බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කර තිබෙනවා.

එක්සත් රාජධානියේ විදේශ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ඔක්තෝබර් 7 ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාරයට UNRWA කාර්ය මණ්ඩලය සම්බන්ධ බවට එල්ල වන චෝදනා තම රජය හෙළා දකින දරුණු ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි.

මේ හේතුවෙන් තමන් UNWRA හි අරමුදල් තාවකාලිකව නතර කරන මෙම චෝදනා සම්බන්ධයෙන් සමාලෝචනය කරන බව ද සඳහන් කර තිබෙනවා.

මීට පෙර, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ද එක්සත් ජාතීන්ගේ ඒජන්සියට අතිරේක අරමුදල් සැපයීම අත්හිටුවන බව නිවේදනය කළේ, ප්‍රහාර සඳහා එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය සම්බන්ධ බවට එල්ල වන චෝදනා නිසා තමන් අතිශයින්ම කලබලයට පත්ව ඇති බව පවසමින්.

පූර්ණ හා විස්තීර්ණ විමර්ශනයේ ප්‍රතිඵල මත පදනම්ව ඉදිරි පියවර ගන්න බව යුරෝපා සංගමය ද ප්‍රකාශ කර තිබෙනවා.

UNRWA හි ප්‍රධානී Philippe Lazzarini පැවසුවේ චෝදනා පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සිදු කරන අතර ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ වී ඇති බවට අනාවරණය වූ ඕනෑම කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මේ සම්බන්ධයෙන් වගකිව යුතු බවයි.

ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පැවසුවේ යුද්ධයෙන් පසු ගාසා තීරයේ UNRWA ක්‍රියාත්මක වීම නැවැත්වීම තම අරමුණ බවයි.

එක්සත් ජනපදය, ජර්මනිය සහ යුරෝපා සංගමය UNRWA හි විශාලතම පරිත්‍යාගශීලීන් අතර වනවා.

එම ඒජන්සිය ගාසා, බටහිර ඉවුර, ජෝර්දානය, සිරියාව සහ ලෙබනනයේ පලස්තීනුවන්ට අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ මානුෂීය ආධාර සැපයීමේ නිරතව සිටිනවා.

කෙසේ වෙතත්, ඔවුන් පවසන්නේ සති 12ක සටන් වලින් අවතැන් වූ ඇස්තමේන්තුගත මිලියන 1.7ක ජනතාවගෙන් බොහෝ දෙනෙකුට එනම් ජනගහනයෙන් හතරෙන් තුනකට ආසන්න පිරිසක් මානුෂීය ආධාර ලබා ගැනීමට අරගල කරන බවයි.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා වැසියන් නවාතැන් ගෙන සිටි එක්සත් ජාතීන්ගේ මධ්‍යස්ථාන ගණනාවකට ද හානි සිදුවී තිබෙනවා.

බ්‍රහස්පතින්දා ද දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් හි එක්සත් ජාතීන්ගේ නවාතැනකට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56