රටම කීරි ගැස්සූ වැලිවේරියේ ඛේදවාචකය

අප්සරා කල්පනී වසර තුනක පමණ කාලයක් නවසීලන්තයේ අධ්‍යාපන කටයුතුවල නිරතව සිටියා. ඇය වෘත්තියෙන් බාහිර කථිකාචාර්යවරියකි. ඇය වසර හයකට පමණ පෙර ලේල්වල ගම්ආරච්චිගේ මියසිය හඳුනාගත්තේය. එම හඳුනා ගැනීම ආදරයක් බවට පෙරළී ඔවුන් දෙදෙනා යුගදිවියට පිවිසෙන්නේ දැනට වසර තුනකට පමණ පෙරදීය. පෞද්ගලික ආයතනයක විධායක කළමනාකරුවකු ලෙස රැකියාව කළ මියසිය කිසිදු විටක අප්සරාට සිය සෙනෙහස බිඳකින්වත් අඩු නොකරන්නට වගබලා ගත්තේය. අප්සරා බාහිර කථිකාචාර්යවරියක් වූ නිසාත් ඔහු විධායක ශ්‍රේණියේ රැකියාවක නිරතවූ අයෙකු නිසාත් ඔවුන් දෙදෙනා ඉදිරි අනාගතය සතුටින් ගත කිරීමට සැලසුම් කළහ. ආර්ථික වශයෙන් ශක්තිමක් වීමට නම් විදෙස්ගතවීම වඩාත් සුදුසු යැයි ඔවුහු තීරණය කළහ. ඔවුන් විසින් ඒ සඳහා නවසීලන්තය තෝරා ගත්තේ අධ්‍යාපනය සහ රැකියාව යන දෙකටම එය හොඳම රටක් වූ නිසාවෙනි. එයට අවශ්‍ය සියලු වැඩකටයුතු දෙදෙනාම එක්ක ලහිලහියේ සිදුකරනු ලැබූහ. අවශ්‍ය මුල්‍යමය කටයුතු සඳහා වැඩි දායකත්වයක් දරනු ලැබුවේ මියසිය විසිනි.

වීසා අයදුම් කළ දෙදෙනා නවසීලන්තය බලා යාමට ඇඟිලි ගනිමින් සිටියේ දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙනය. එහෙත් ඒ වන විට ලංකාව පුරා කො​රෝනා වයිරසය ව්‍යාප්ත වෙමින් තිබුණි. මියසියටද කොරෝනා වයිරසය ආසාදනය විය. ඒ අතරතුර තානාපති කාර්යාලයෙන් වීසා ලබාදීමට කැඳවීම් කළද මියසියගේ කොරෝනා තත්ත්වය හේතුවෙන් ඔහුගේ වීසා අයදුම්පත ප්‍රතික්ෂේප විය. අප්සරාගේ වීසා අයදුම්පත අනුමත විය. ඔහු සිය බිරිඳට පැවසුවේ ‘‘ඔයා යන්න මම ඊළඟ පාර හදාගෙන ඉක්මනින් එන්නම්. ඔයා ඉගෙනීම් කටයුතු හොඳින් කරගන්න. ස්ථාවර තත්ත්වයක් හදාගන්න යනුවෙනි.

අප්සරා නවසීලන්තය බලා ගියපසු මියසිය සිය අවස්ථාව එනතුරු සුපුරුදු රැකියාවේ නියැලුනි. එහෙත් ටික කලක් යන විට ඔහුට අප්සරාගේ සුළු සුළු වෙනස්වීම් දක්නට ලැබිණි. මියසිය දුරකථන ඇමතුම් ලබාගත්තද ඇය ඒවාට ඇතැම්විට පිළිතුරු නොදී මග හැරියාය. මේ හේතුව නිසා සුළුවෙන් ආරම්භ වූ අඩදබර උග්‍ර අතට හැරෙන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. එහෙත් දෙදෙනාම එකිනෙකාට චෝදනා කරමින් ආරවුලේ පැටලුනා මිස එක් පාර්ශ්වයක්වත් සාමය ගැන කථාවක් ගෙන ආවේ නැත.

අවසානයේ අප්සරා මියසියගෙන් තමාට දික්කසාදය අවශ්‍ය බව දුරකථනයෙන් පැවසුවාය. එදින මියසිය සහ අප්සරා දැඩිව එකිනෙකාට දොස් පවරාගෙන තිබිණ. එදායින් පසුව අප්සරා සමග සම්බන්ධතාවක් පවත්වා ගැනීමට මියසියට හැකියාවක් නොතිබිණ. කාලය ටිකෙන් ටික ගෙවී යද්දී මියසිය සිය මාතර නිවසේ කාලය ගත කළේ අප්සරා පිළිබඳ ඇති වූ දැඩි වෛරයකින් යුතුවය. දැනට දින 3කට පමණ පෙර අප්සරා හොර රහසේම ලංකාවට පැමිණ වැලිවේරිය පොලිස් වසමේ වෑකඩ උතුර ප්‍රදේශයේ සිය නිවසේ කාලය ගෙවන බව අසල්වැසියකුගෙන් මියසියට දැනගැනීමට ලැබිණි.

ඒ අනුව මාතර සිට ඔහු හනිකට කොළඹ බලා එන්නේ සිය බිරිඳ සිටින මහ ගෙදරටය. පෙරේදා (24 වැනිදා) රාත්‍රී හත පමණ වන විට වැලිවේරිය නිවස ආසන්නයට පැමිණි ඔහු එම නිවසේ පසුපස දොරින් නිවසට ඇතුළු වූයේ තියුණු ආයුධයක්ද අතැතිවය.

සිය සැමියා දුටු අප්සරා නිවස ඉදිරිපසට දුවගෙන ගියත් මියසියගේ තියුණු ආයුධ පහර හමුවේ ඇය කෙසෙල් කඳක් බිම හෙළුවා සේ නිවසේ ප්‍රධාන දොරටුව අසල ඇද වැටුණි. ඔහුද එම ආයුධයෙන්ම සිය ගෙලකපාගෙන නිවස ඉදිරිපිට ළිඳට පැන්නේ සිය ජීවිතයද අහිමිකර ගැනීමටය. මෙම ආරවුල බේරීමට එම අවස්ථාවේ ඉදිරියට පැමිණි අප්සරාගේ සොයුරිය හා යෙහෙළියක්ද බරපතළ තුවාලවලට ලක්වූහ. එම අවස්ථාවේ එතැනට පැමිණි අසල්වැසියන් තුවාල ලබා සිටී දෙදෙනාව රෝහල් ගතකිරීමටත් ළිඳ තුළ සිටී මියසිය ගොඩට ගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණි.

අප්සරා ඒ වන විටත් මෙළොව හැරගොස් තිබූ නිසා අසල්වැසියන් වැලිවේරිය පොලිසිය දැනුවත් කිරීමට පියවර ගත්තේය. ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණවර්ධන විසින් අප්සරාගේ දේහය ගම්පහ රෝහල වෙත රැගෙන ගියේ මහර වැඩබලන මහෙස්ත්‍රාත් රමණි සෙනවිරත්න විසින් ස්ථානීය පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුවය. මෙම සිදුවීමේ ඉදිරි විමර්ශන වැලිවේරිය පොලිසිය විසින් සිදුකරයි.

බිරිඳ අප්සරා කථිකාචාර්යවරියක්

සැමියා මියසිය විධායක නිලධාරියෙක්

දෙන්නම යන්න හිටියේ එකට කොරෝනා වැලඳුණු නිසා සැමියාට යන්න බැරිවෙලා

අඩදබර දුර දිග ගිහින් එතෙරදීම දික්කසාදය ඉල්ලලා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අලව්වෙ ගම්මු ඉස්සරහා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි..ඊයේ පෙරේදා ආපු නැවේ ගල් අඟුරුත් බාලයි
09:24
Video thumbnail
කුඩා දරුවන් සිටින මොහොතක වන අලියෙක් කඩා පැන්න හැටි
00:24
Video thumbnail
සම්බුදු තෙමඟුල නිමිත්තෙන් මහ ජන ගඟක් රුවන්වැලි මහා සෑ පුදබිමට ඇදී එයි
01:51
Video thumbnail
අලියා නොසන්සුන්වී ප්‍රතිකාර කරන්න ආ නිලධාරින්ව පසුපස පන්නයි..
02:09
Video thumbnail
කුඩා දරුවන් සිටින මොහොතක වන අලියෙක් කඩා පැන්න හැටි..ආරක්ෂිත කැමරාවේ සියල්ල පටිගත වෙයි
00:46
Video thumbnail
විශාල බැතිමතුන් පිරිසක් ශ්‍රී මහ බෝධිය වැඳ පුදාගන්න පැමිණෙන අයුරු
02:06
Video thumbnail
අටමස්ථානාධිපතිගේ සිද්ධිය නිසා භික්ෂූන්වහන්සේලාට දැන් දානෙත් නෑ..අපේ දායකයෝ අපිට නැතිවෙනවා
03:33
Video thumbnail
දිට්වාවලින් හානි වූ ඉස්සෝ කර්මාන්තකරුවන්ට මිලියන 135.7ක චෙක් ප්‍රධානය කරයි
05:58
Video thumbnail
වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් බැතිමතුන් විශාල පිරිසක් ශ්‍රී මහ බෝධිය වැඳ පුදාගන්න එයි
02:32
Video thumbnail
දෙමව්පියොයි, කෝච්ලයි එකතුවෙලා පිට්ටනියේ හිටිය ළමයිට ගුටි පූජාවක් දීලා..රෝහලට ගෙනියද්දි උණුසුම්
02:17