රටම එකට මෙහෙයුමේ මේ තාක් ප්‍රගතිය ගැන පොලිසියෙන් නිවේදනයක්

දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම සහමුලින්ම මැඩපැවැත්වීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක “රටම එකට ” ජාතික මෙහෙයුමෙහි ආරම්භක දිනය වූ පසුගිය වසරේ ඔක්තෝම්බර් 30 සිට ඊයේ (23) දිනය දක්වා ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යනු ලබන මෙහෙයුම් සම්බන්ධයෙන් වූ සමස්ථ වාර්තාවක් පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙම මෙහෙයුම් මඟින් ඊයේ (23) දිනය දක්වා සමස්ත සැකකරුවන් 156,456 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතරින් 1993 දෙනෙක් පුනුරුත්තාපනය සඳහා යොමුකර ඇති බව පොලිසිය විසින් නිකුත් කළ එම වාර්තාවේ සඳහන්.

එමෙන්ම පොලිසිය විසින් ‘රටම එකට’ මෙහෙයුමට අදාලව පොලිසිය විසින් වැටලීම් 157,423ක් ද සිදුකර තිබෙනවා.

තවද එම මෙහෙයුම් මඟින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 1917කට වැඩි ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1979කට වැඩි ප්‍රමාණයක් පොලිසිය විසින් භාරයට ගෙන ඇති බවත් වාර්තාවේ සඳහන් වනවා.

පොලිසිය විසින් නිකුත් කළ එම වාර්තාව පහතින්,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50
Video thumbnail
නාමල් සහ රනිල් වෙනුවෙන් අධිකරණයට ආ පාක්ෂිකයෝ - චානක, ජොන්ස්ටන් ඇතුළු සෙට් එකක්
01:38
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද නාමල් රාජපක්ෂ කොටුව අධිකරණයට - කට්ටියට අතත් වනාගෙන යන්නේ
00:50
Video thumbnail
රනිල් වික්‍රමසිංහ සෙනඟ එක්ක කොටුව අධිකරණයට එයි - "අපේ නායකතුමාට ජයවේවා..!"
01:59