රටම ආදරය කල “ඔශීන්”

ඔෂින් 1983 සිට 1984 දක්වා කාලය තුල NHK හෙවත් Japan Broadcasting Cooperation මගින් උදෑසන කාලයේ විකාශය කල ටෙලිනාට්‍යයකි ඔෂින්.මිනිත්තු 15 බැගින් වන පරිච්ඡෙද 297කින් යුතු මෙය Shin Tanokura හෙවත් ඔෂින් ගේ ජීවිත කතාව ඇසුරින් ගොඩනැගී ඇති මෙය Sugako Hashida ගේ නිර්මානයකි.

එදා මෙදා තුර ජපානයේ වැඩිම පිරිසක් නැරඹු ටෙලිනාට්‍යය මාලාවක් වන ඔෂින් මේ වන විට ලොව පුරා රටවල් 68 ක විකාශය වී තිබේ.මෙම ටෙලිනාටයයට පෙර සජීවීකරණ චිත්‍රපටයක් ලෙස නිර්මාණය කර තිබුණු ළමා කතාවක් ඇසුරින් Sugako Hashida විසින් ඔෂින් ගේ ලමා කාලය ගොඩනගන ලදී.මෙම ටෙලිනාට්‍යය ඔෂින් ගේ ළමා ,තරුණ හා මහලු විය දක්වා දිවෙයි.දෙවන ලෝක යුද්ධය සදහා ජපානය අවතීර්ණ වූ සමයේ සිටි දිරිය කාන්තාවකගේ සත්‍ය ජීවිත කතාව ඇසුරින් ගොඩනැගුණු මෙම ටෙලිනාට්‍යය ලොව වැඩිම රටවල් ගණනක ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලදගත් ජපන් ට‍ෙලිනාට්‍යය ලෙසද සදහන් වේ.

පසුව 2013 දී ඔෂින් නමින් චිත්‍රපටයක්ද නිකුත් වී තිබේ.අසීරු බාධක හා අභියෝග හමුවේ ලදැරියක්, තරුණියක් හා මවක් ලෙස ඔෂින් තම ජීවිතය ජයගන්නා අයුරු විටෙක පුදුම සහගතවේ.ඇයට සතුටට වඩා පැමිණියේ දුක් කම්කටොළු වේ.නමුත් සියලු බාධක පරදා ඇය ජයග්‍රහණය කරන්නේ අපගේ නෙතට සතුටු කදුලක් එක් කරමිනි.1987 දී ජාතික රූපවාහිනිය මගින් ”ඔෂින්” සිංහලයට හඩකවා විකාශය කල අතර එවක අතිශය ජනප්‍රියත්වයකට පත්වූ මෙන්ම මුලින්ම විකාශය වූ විදෙස් ටෙලිනාට්‍යය වන්නේද මෙයයි.

මුලින්ම ජපානය ගැන එහි සංස්කෘතිය හා ඇදුම් පැලදුම් ගැන දැනගන්නට ලැබුණේ ඔෂින් නිසාවෙනි.එදා පටන්ම බෞද්ධාගමින් පොෂණය වූ රටවල් දෙකක් නිසා ඔවුන්ගේ ඇතැම් සංස්කෘතීන් හා සිරිත් විරිත් ලාංකිකයන්ගේ හිත් ගැනීමටද සමත් විය.

ඒ සැමටම වඩා සියලු කාන්තාවන්ට ඇගේ ජීවිතයෙන් ගැනීමටද බොහෝ ආදර්ශ තිබුණි.ඇය Role model එකක් ලෙස ගත හැකි චරිතයකි.ඔෂින් ගේ ළමා විය නිරපණය කලේ Ayako kobayashi වන අතර ඇය ”කන්දක් සේමා” සිංහල චිත්‍රපටයෙන් ඉදිරියේදී දකගත හැකිවේ.ඔෂින් ගේ වැඩිම පරාසයක විකාශනය වු තුරුණු විය මෙන්ම මවක ලෙස චරිත නිරූපණය කලේ සම්මානනීය සුරූපි නිලි Yuko Tanaka විසිනි.ඇගේ මහලු විය Nobuko otawa විසින් නිරූපණය කල අතර ඇය දැනට ජීවතුන් අතර නොමැත.

සිංහල හඩකැවීම් ටයිටස් තොටවත්තයන් විසින් අධ්‍යක්ෂණය කල අතර කුඩා ඔෂින් ලෙස පබොදා සන්දීපනී හා තරුණ ඔෂින් ලෙස රසාදරී පීරිස් තම හඩ දායකත්වය ලබා දෙන ලදී.මීට අමතරව පරාක්‍රම පෙරේරා, ග්‍රේස් තෙන්නකෝන්, කුසුම් පීරිස්,විජේරත්න වරකාගොඩ, සමන් ආතාවුදහෙට්ටි ආදී දක්ෂ හඩකැවීම් ශිල්පීන්ද මතක් කල යුතුම වේ. එම හඩකැවීම් නොවන්නට ඔෂින් මෙතරම් අපට සමීප නොවනු ඇත.

ඔෂින් නමින් 2013 පැමිණි චිත්‍රපටයද සිංහල හඩකැවීම් සමගින් යූ ටියුබ් හි ඇත.එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ විකාශය වූ හොදම විදෙස් ටෙලිනාට්‍යය ඔෂින් බව අවිවාදයෙන්ම සදහන් කල හැකිවේ.එහි ඔෂින් ඔෂින් ඔෂින් ලෙස තිස්ස අබේසේකරයන් ගේ හඩින් කියැවෙන කොටස ඔබට මතක ඇති.මෑතකදී ඔෂින් ආපහු බලන්නට සිතී යූ ටියුබය පිරික්සන විටදී ඇස ගැටුණු එම තේමා සංගීතය සහිත වීඩියෝව දැක සොදුරු ලමාවිය සිහිවි මාගේ නෙතට කදුලක් නැගුණේ නිරායාසයෙනි.

ඒ සමගම වර්තමානයේ අතැම් නාලිකාවලින් විකාශය වන විදේශීය ටෙලිනාට්‍යය හා ඒවා නරමන ලමා පරපුර ගැනද ඇතිවූයේ මහත් සංවෙිගයකි.එය දරුවන්ගේ වරදක් නොවේ එවන් හරසුන් නාට්‍යය නැරඹීමට ඉඩ නොදීම දෙමාපියන්ගේ වගකීමකි.ඒවා තරුණ පරපුරේ රසාස්වාදය සදහා සැකසුණු ඒවා වේ.

නමුත් ජාතික රූපවාහිනියෙන් විකාශය වූ සියලුම විදෙස් ටෙලිනාට්‍යය ආදර්ශමත් හා ළමා මනසට කිසිදු හානියක් නොකරන මෙන්ම එකම ආලින්දයක හිද පවුලේ සැමට නැරඹිය හැකි ඒවා වේ.අවිවාදයෙන්ම ඔෂින් යනු මෙරට විකාශය වූ විශිෂ්ඨතම විදෙස් ටෙලිනාටයයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34