රටක අනාගතය භාර ගැනීමට නම් විනයක් සහ කැපවීමක් අවශ්‍ය බව ජනපති කියයි

රටක අනාගතය භාර ගැනීමට නම් විනයක් සහ කැපවීමක් අවශ්‍ය බවත් විනය ගරුක සමාජයක් තුළින් ශ්‍රී ලංකාව නව මානයක් කරා ගෙන යාමට ලබන වසරේ සිට සැලසුම් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ජාතික ශිෂ්‍ය භට බලකාය වෙත ජනාධිපති වර්ණ හා බලකා වර්ණ ප්‍රදානය කිරීම වෙනුවෙන් රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ දී අද (19) පැවති උත්සවයට සහභාගී වෙමින්.

ජනතාවට අද ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වූවත් මෙය අපේක්ෂා කළ යුත්තේ කෙටි කලක් සඳහා පමණක් වන බව සඳහන් කළ ජනාධිපතිවරයා රටේ ජනතාවගේ ආර්ථිකය යහපත් තැනකට ඔසවා තැබීම මෙම වසර අවසාන වීමට පෙර සිදුකරන බව ද සඳහන් කළා.

රට තුළ ශක්තිමත් ආර්ථිකයක් මෙන්ම අලුත් සමාජයක් ඇති කළ යුතු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ තරුණ තරුණියන් වෙනුවෙන් නිර්මාණය කෙරෙන එම අලුත් සමාජය වෙනුවෙන් විනයගරුක නායකත්වයක් ශිෂ්‍ය භට බලකායෙන් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවසුවා.

වසර 142 ක ඉතිහාසයක් සහිත ජාතික ශිෂ්‍ය භට බළකායට ජනාධිපති වර්ණ හා බළකා වර්ණ ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු කළා.

ජනාධිපති වර්ණ සහ බලකා වර්ණ ප්‍රදානය කිරීමෙන් අනතුරුව ශිෂ්‍ය භට බලකා ආචාර පෙළපාළිය නිරීක්ෂණ සඳහා ද ජනාධිපතිවරයා එක් වුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“අද ඔබට විශේෂ දිනයක්. ජාතික ශිෂ්‍ය භට බලකායේ ජාතික වටිනාකම අපි පිළිගන්නවා. ඒ වෙනුවෙන් ජනාධිපති වර්ණත්, බලකා වර්ණත් ජාතික ශිෂ්‍ය භට බලකායට ලැබී තිබෙනවා. මෙම බලකාය ඉතා පැරණි ඒකකයක්. ශ්‍රී ලංකාවේ පාබල හමුදාව ආරම්භ කරන විට රාජකීය විද්‍යාලය විසින් ශිෂ්‍ය භට අනු ඛණ්ඩයක් නිර්මාණය කළා. එතැනින් ආරම්භ වුණු ශිෂ්‍ය භට බලකාය වසර 142ක ඉතිහාසයකට හිමිකම් කියනවා. එයින් බිහි වුණු හමුදා නිලධාරීන් පළමු ලෝක යුද්ධයට සහභාගී වුණා. එහිදී ඇතැම් නිලධාරීන්ට ජීවිත පූජා කිරීමට ද සිදුව තිබුණා. ඉන් අනතුරුව පැවති දෙවන ලෝක යුද්ධය මෙන්ම රටේ අභ්‍යන්තර පැවති යුද්ධ වලටද මෙම ශිෂ්‍ය භට බලකායෙන් බිහිවු නිලධාරීන් සහභාගි වී තිබෙනවා. ඒ වගේම ශිෂ්‍ය භට බලකායේ සාමාජිකයන් ත්‍රිවිධ හමුදාවට මහඟු දායකත්වයක් සපයා තිබෙනවා. අපි ඒ කටයුතු අගය කරන නිසා තමයි අද මෙම අවස්ථාවට සහභාගී වී සිටින්නේ. ලංකා පාබල හමුදාවෙන් ආරම්භ වී පළමුවෙන්ම ලංකා ආරක්ෂක හමුදාව යටතේ ද ඉන්පසුව ශ්‍රී ලංකා යුද හමුදාව යටතේ ද ශිෂ්‍ය භට බලකායේ විකාශනය සිදුව තිබෙනවා. මෙම බලකාය ජාතික ශිෂ්‍ය භට බලකාය ලෙස නම් කිරීමේ යෝජනාව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මම එදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ වගේම අද මට අවස්ථාව ලැබී තිබෙනවා ජාතික ශිෂ්‍ය භට බලකායට ජනාධිපති වර්ණ සහ බලකා වර්ණ ප්‍රදානය කිරීමට.
මෙම ශිෂ්‍ය භට බලකායෙන් තමයි රටේ අනාගතයට අවශ්‍ය පිරිස පුහුණු කරන්නේ. හමුදාවට එක් වූ ශිෂ්‍ය භට බලකාය මෙන්ම හමුදාවට එක් නොවුවත් විවිධ අංශවල සේවය කළ විශාල පිරිසක් සිටිනවා. එම පිරිස අතරින් අපේ අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ප්‍රධාන තැනක් ගන්නවා. පාසල් කාලයේ දී එතුමා සවස් කාලයේ එම පුහුණුවීම්වලට සහභාගී වූ අන්දම අදටත් මගේ මතකයේ තිබෙනවා. අද ඔබට මෙම ජනාධිපති වර්ණ ප්‍රදානය කරන අවස්ථාවේ දී මේ ශිෂ්‍ය භට බලකාය ආරම්භ කළ අය සහ එහි දියණුව උදෙසා දායකවූවන්ට සහ ශිෂ්‍ය භට බලකායේ සියලුදෙනාට අපගේ ස්තූතිය ප්‍රකාශ කිරීම යුතුකමක් වෙනවා. ‍
මේ වන විට ශිෂ්‍ය භට බලකාය පාසල් ගණනාවක ක්‍රියාත්මක වෙනවා.මම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාටත්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් පැවසුවේ අපි සෑම මධ්‍ය මහා විද්‍යාලයකම ශිෂ්‍ය භට බලකායක් ඇති කළයුතුයි කියලා. අපි මෙය තවදුරටත් දියුණු කරමින් ඉදිරියට ගෙන යා යුතුයි. එමඟින් මේ රටට අවශ්‍ය විනයගරුක පුරවැසියන් බිහි වනු ඇතැයි මම විශ්වාස කරනවා. ඒ වගේම මේ ශිෂ්‍ය භට බලකායේ සිටින සිසුන්ට හොඳ අනාගතයක් උදාකරදීම රජයේ වගකීම වෙනවා. ශිෂ්‍ය භට කණ්ඩායම් වල ඉන්න දරුවන්ට රාජ්‍ය ආයතනවල පුහුණුවීම් කිරීමේදී අවශ්‍ය කෝටාවක් ලබාදීමට ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා මෙතැන ඉන්න වෙලාවේ මම යෝජනා කරනවා. අපි මේ අයගේ අනාගතය සුරක්ෂිත කළ යුතුයි. මොකද විනයක් සමඟ ඉදිරියට යන ඔබට පුහුණුවක් ලබාදෙන්න අපි කැපවී කටයුතු කළයුතුයි.
ඒ වගේම ඔබේ අනාගතය පිළිබඳ අපි අවධානය යොමු කර තිබෙනවා. ඔබට, ඔබේ දෙමාපියන්ට මෙන්ම රටේ ජනතාවට අද මුහුණදීමට සිදුව තිබෙන අසීරුතාව පිළිබඳ මට හොඳ අවබෝධයක් තිබෙනවා. ආර්ථික වශයෙන් විශාල බරක් අපි සියලුදෙනාටම දැරීමට සිදුව තිබෙනවා. අපිට වෙනත් විකල්පයක් නැහැ. ජනතාවට අද දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවුණත් මෙය දරාගත යුත්තේ කෙටි කාලයක් පමණයි. මේ වසර අවසන්වීමට පෙර මේ තත්ත්වය වෙනස් වෙනවා පමණක් නොවෙයි ඉන් පසුව අපි අලුත් ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි.
අපි ශක්තිමත් ආර්ථිකයක් මෙන්ම අලුත් සමාජයක් ඇතිකරගත යුතුයි. අපි ඒ සමාජය ගොඩනඟන්නේ රටේ තරුණ පිරිස වෙනුවෙනුයි. එවන් නව සමාජ ක්‍රමයක් ඇතිකිරීමට නම් විනයගරුක නායකත්වයක් අවශ්‍යයි. එම නායකත්වය ශිෂ්‍ය භට බලකායෙන් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
අනාගතය භාරගැනීමට නම් විනයක් සහ කැපවිමක් පැවතිය යුතුයි.ඒ, සඳහා සුදුසුකම් ලැබූ පිරිස සිටින මෙම ශිෂ්‍ය භට බලකාය දියුණු කිරීමට සහ එහි සිටින සියලුදෙනාගේ අනාගතය යහපත් කිරීමටත් අප කැපවී සිටින බව සිහිපත් කරනවා.
වසර 142ක් මේ රටට සේවය කළ ජාතික ශිෂ්‍ය භට බලකාය ජනාධිපති වරණ සහ බලකා වර්ණ ලබන මෙම අවස්ථාවේ මම සියලුදෙනාට මගේ සුබපැතුම් පිරිනමනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32