spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජය දිනකට ණයවන මුදල ගැන හෙළිදරව්වක්

ශ්‍රී ලංකා රජයට සිය කටයුතු පවත්වාගෙන යෑම සඳහා දිනකට රුපියල් කෝටි 1050 ක පමණ මුදලක් ලෝකයට ණයවීමට සිදුවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවැසීය.

රජයේ මේ වසරේ දිනක ආදායම ( ලැබීම්) රුපියල් කෝටි 653 ක් වන අතර දිනක රජයේ වියදම කෝටි 1705 ක් බවද මහාචාර්යවරයා කීවේය.

මේ අතර අයවැය ලේඛනය අනුව රජයේ ලබන වසරේ දිනක ආදායම රුපියල් කෝටි 950 ක් බව පැවසූ අතුකෝරළ මහතා ලබන වසරේ රජයේ වියදම කෝටි 2160 ක් දක්වා වැඩිවන බවද ප්‍රකාශ කළේය. රජයේ ආදායම ලබන වසරේ මෙලෙස වැඩි වන්නේ බදු අයකිරීම් වැඩිවීම නිසා බවද ඔහු පැවසීය.

මේ අනුව ලබන වසරේ දිනක රජයේ ණය ගැනීම් ප්‍රමාණය කෝටි 1364 දක්වා ඉහළ යනු ඇතැයි ඔහු සඳහන් කළේය.

රජයේ ආදායම සහ වියදම අතර පරතරය විශාල වශයෙන් වැඩිවෙමින් පවතින බවත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය වැරදි දිසාවකට ගමන් කරන ආකාරය ඉන් පෙන්නුම් කෙරෙන බවත් වසන්ත අතුකෝරල මහතා කීවේය.

මේ අතර එක් පුද්ගලයකු වෙනුවෙන් රජය මේ වර්ෂයේ දී දිනකට ගන්නා ණය ප්‍රමාණය රුපියල් 473 කි. එය පසුගිය වර්ෂයේදී පැවතුණේ රුපියල් 371 ක් වශයෙනි.

රජයට ලබන වසරේදී එක් පුද්ගලයකු වෙනුවෙන් ගැනීමට සිදුවන ණය ප්‍රමාණය රුපියල් හයසිය නවයක් දක්වා වැඩිවන බව මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?