රජයේ සේවකයින්ගේ සයිබර් ආරක්ෂාව සම්බන්ධ දැනුම වැඩි කිරීමට සැලසුම්

ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සමස්ත රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ තාක්ෂණික කුසලතා විධිමත් පද්ධතියක් ඔස්සේ වර්ධනය කිරීමේ ජාතික මට්ටමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (03) රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය හා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය අතර රුවන් සෙනරත් හා එරංග වීරරත්න යන නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පවත්වා තිබෙනවා.

මෙහිදී රාජ්‍ය සේවය “පුද්ගලයන් මත පදනම් වූ” සාම්ප්‍රදායික ක්‍රමවේදයක සිට “පද්ධති මත පදනම් වූ” නවීන ක්‍රමවේදයකට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය දැඩිව අවධාරණයට ලක්ව තිබෙනවා.

විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තුළ පවතින තාක්ෂණික බිය ඉවත් කර, ඔවුන් තුළ ඩිජිටල් කුසලතා පිළිබඳ කැමැත්තක් ඇති කිරීමත්, නිලධාරීන්ගේ නොදැනුවත්කම නිසා සිදුවන සයිබර් ප්‍රහාර සහ දත්ත අවදානම් වළක්වා ගැනීමට සයිබර් ආරක්ෂණ දැනුම ලබා දීමත් මෙහිදී ප්‍රමුඛ කාර්යයක් ලෙස හඳුනා ගෙන ඇති තිබෙනවා.

ලක්ෂ සංඛ්‍යාත රාජ්‍ය සේවක පිරිසක් එකවර පුහුණු කිරීමේ ප්‍රායෝගික අපහසුව සැලකිල්ලට ගනිමින්, ඊ-ඉගෙනුම් පද්ධතියක් (E-Learning Platform) භාවිත කිරීම පිළිබඳව තාක්ෂණික ඇගයීමක් සිදු කිරීමට තීරණය වූ බව වාර්තා වනවා.

එහිදී දීර්ඝ දේශන වෙනුවට විනාඩි 2-3 ක කෙටි වීඩියෝ ක්ලිප් 10-15 ක් ඔස්සේ ජංගම දුරකථන හරහා ඉගෙනුම සැපයෙන “කෙටි කාලීන ඉගෙනුම් ක්‍රමවේදයක්” (Micro-learning) හඳුන්වා දීමට යෝජනා විය. මෙම ඩිජිටල් සාක්ෂරතා පාඨමාලා සම්පූර්ණ කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වාර්ෂික කාර්යසාධන ඇගයීම් සහ උසස්වීම් සඳහා අනිවාර්ය ප්‍රතිපත්තිමය අවශ්‍යතාවයක් බවද සාකච්ඡා කෙරුණා.

එමෙන්ම, කාර්යාල හා පාසල්වල පවතින පරිගණක විද්‍යාගාර පස්වරු 4.30 න් පසු පුහුණු කටයුතු සඳහා යොදා ගැනීමටත්, ඉගෙනුම් ක්‍රියාවලිය උනන්දු කරවීම සඳහා ‘Gamification’ (Badges ලබා දීමේ ක්‍රමවේද) සහ ඩිජිටල් අත්සන් සහිත සහතික පත්‍ර හඳුන්වා දීමටත් මෙහිදී එකඟතාව පළ වුණා,.

මෙම සමස්ත ක්‍රියාවලිය තෙවැදෑරුම් සැලැස්මක් (Three-Tiered Plan) යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව, දැනට සේවයේ නියුතු නිලධාරීන් ඔවුන්ගේ වෘත්තීය මට්ටම් (විධායක, මධ්‍යම සහ අනෙකුත්) අනුව පුහුණු කිරීම, නව බඳවා ගැනීම් ඩිජිටල් සාක්ෂරතාව සහිත පිරිසක් ලෙස සේවයට ඇතුළත් කර ගැනීම සහ අනාගත පරපුර වෙනුවෙන් පාසල් හා විශ්වවිද්‍යාල විෂය මාලාවන් ඩිජිටල් ආර්ථිකයට ගැළපෙන සේ සකස් කිරීම සිදු කෙරෙනවා.

මෙහිදී ප්‍රථමයෙන් සයිබර් ආරක්ෂාව පිළිබඳ මූලික දැනුවත් කිරීමේ පාඨමාලාවක් සහ Gmail/WhatsApp/Viber වෙනුවට රජයේ නිල විද්‍යුත් තැපෑල (Email) සහ සහයෝගීතා මෙවලම් (Collaboration tools) නිවැරදිව භාවිත කිරීමේ ප්‍රායෝගික පුහුණුව නිලධාරීන්ට ලබා දීමට නියමිතයි.

මෙම වැඩපිළිවෙළ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පමණක් නොව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඇතුළු ආයතන ඒකාබද්ධව ක්‍රියාත්මක කළ යුත්තක් බව සාකච්ඡා වූ අතර, අදාළ අංශ සමඟ සාකච්ඡා කර අවශ්‍යතා හඳුනා ගැනීමෙන් පසුව විද්‍යාත්මක ව්‍යාපෘති යෝජනාවක් සැකසීමට නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා.

මෙම සුවිශේෂී සාකච්ඡාව සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී දනපාල , රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර , අමාත්‍යාංශ උපදේශක උපුල් අබේසිරිවර්ධන සහ මොරටුව විශ්වවිද්‍යාලයේ විවෘත හා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ (CODL) විශාඛා නානායක්කාර ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ අමාත්‍යාංශ ද්විත්වයෙහිම මේ හා සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57