spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න බැරිවෙන තත්වයක් රනිල්ගෙන් රතු එළියක්

මුදල් මුද්‍රණය නොකළහොත් රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
මුදල් මුද්‍රණය තම ප්‍රතිපත්ති නොවූවද මුදල් මුද්‍රණය කිරීමට සිදුව ඇති බවයි එතුමා පැවසුවේ.

එතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ “උග්‍රම ආර්ථික අර්බුදයට අපි මුහුණ දෙන්නේ. මං හිතන්නේ නැහැ සුද්දන්ගේ කාලෙවත්, ඕලන්ද කාලේවත් මේවගේ ආර්ථිකය කඩා වැටීමක් වුණා කියලා.” ලෙසයි.”මේ අවුරුද්ද තමා අපිට අමාරුම අවුරුද්ද, විදේශ විනිමය නැහැ. ආණ්ඩුවට ආදයම් නැහැ. විදේශ විනිමය එක්ක ව්‍යාපාර ක්‍රියාකාරන්නේ නැත්නම් ආදායම් අඩුවෙනවා.” ඔහු පැවසීය.අග්‍රාමාත්‍යවරයා ⁣ප්‍රකාශ කළේ “දැනට කියන විදිහට ඩොලර් බිලියන 3ක් විතර උවමනයි කියලා. දැනට මේක ලබා ගැනීම තමා අපිට තියෙන පළවෙනි අභියෝගය. ඒක කරන්න තමයි මං දැනට ක්‍රියාකරන්න බලන්නේ. අපි මේ පෝලිම් නැති කරන්න ඕනේ. සාමාන්‍ය ජීවිතයක් ඇති කරන්න ඕනේ.”

බී.බී.සී සිංහල සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?