රාජ්‍ය ආයතනවල මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරීන්ගේ වැටුප් අවස්ථා දෙකක දී ගෙවීමට මහා භාණ්ඩාගාරය තීරණය කර ඇති බව වාර්තා වනවා.
රට තුළ පවතින මූල්‍ය අර්බුදය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් ප්‍රේෂණ පත් වෙන වෙනම ගෙවීමට හැකිවන පරිදි භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරන ලෙස භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතනයන්හි ප්‍රධාන මූල්‍ය නිලධාරී, ගණකාධිකාරි, අධ්‍යක්ෂ (මූල්‍ය) නිලධාරීන්ට ලිපියකින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයාගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කර තිබෙනවා.














රටේ මූල්‍ය අර්බුදයක් ඇති කිරීමට කටයුතු කරපු උදවිය අද නිදහසේ ජීවත් වෙනව. අහිංසක ජනතාව දුක් විදිනව. වාසි වෙන් විදියට නීති සකස් කරනව.