රජයේ දොස්තරලා අද උදෑසන සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) උදෑසන 8:00 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතයි.

2026 අයවැයෙන් සෞඛ්‍ය සේවා සහ වෛද්‍ය වෘත්තිකයන්ගේ අවශ්‍යතා නොසලකා හැර ඇති බව පවසමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ එළඹීමට නියමිතව තිබෙනවා.

මෙම ක්‍රියාමාර්ගය අතරතුර, සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ ඇති තීරණාත්මක ගැටළු විසඳීමට අයවැය අසමත් වීම පිළිබඳව දේශපාලන නායකයින්, ආගමික නායකයින්, සිවිල් සමාජ සංවිධාන සහ මහජනතාව දැනුවත් කිරීමට එම සංගමය සැලසුම් කර ඇති බවයි වාර්තා වුණේ.

රෝහල් තුළ නොමැති ඖෂධ හෝ රසායනාගාර පරීක්ෂණ අවශ්‍ය රෝගීන් සඳහා බෙහෙත් වට්ටෝරු නිකුත් කිරීම අත්හිටුවීම මෙන්ම බාහිරව එවැනි සේවාවන් ලබා ගැනීමට රෝගීන්ට උපදෙස් දීම ද මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ඇතුළත්.

දේශපාලන කණ්ඩායම් විසින් පවත්වාගෙන යනු ලබන හෝ රජය විසින් සංවිධානය කරන සෞඛ්‍ය කඳවුරු සහ සායන සඳහා ස්වේච්ඡාවෙන් සහභාගී නොවීමට ද වෛද්‍ය නිලධාරීන් තීරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11