‍රජයට මිලියන 50ක පාඩුවක් කළ රාජ්‍ය ඉහළ පෙළේ නිලධාරියෙකුට ඇප

ලියාපදිංචි ලොරි රථයක ලේඛනවලට ටොයෝටා ලෑන්ඩ් කෲසර් රථයක් ආදේශ කොට ලියාපදිංචි කර රජයට රුපියල් මිලියන 50කට අධික බදු මුදලක් අහිමි කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලොරි හා බස් රථ පැවරුම් අංශයේ හිටපු නියෝජ්‍ය කොමසාරිස් සජිත් වසන්ත වෙල්ගම සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (05) නියෝග කළා.

සැකකරුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් හා රුපියල් 25000ක මුදල් ඇපයක් නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවට ද නියෝගග කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන බුද්ධි ඒකකය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකාර සජිත් වෙල්ගම හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරයා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට කාර්යාලයේ රාජකාරී කළ 2022 වසරේදී මෙසේ ලෑන්ඩ්කෲසර් රථය පැවරීමේ ලියාපදිංචි කටයුතු කර ඇති බවයි.

රථය ලියාපදිංචි කිරීමට ඉල්ලුම් කර ඇති පුද්ගලයා කුරුණෑගල පදිංචි බවත්,නිත්‍යානුකූල නොවන පරිදි චේතනාන්විතව මෙම ලියාපදිංචිය කර ඇති අතර කුරුණෑගල පළාත් ලේකම් කාර්යාලයේ දත්ත අනුව ලෑන්ඩ්කෲසර් රථය ලියාපදිංචි කිරීමට ඉදිරිපත් කර ඇත්තේ ඇත්තේ ලොරි රථයක ලේඛන බව විමර්ශන මගින් අනාවරණය වී ඇති බවත් පැවසුවා.

තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඉල්ලා සිටියා.

පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ අජිත් පතිරණ මහතා පෙනී සිටි අතර කොමිසමේ කරුණු දැක්වීම්වලට ප්‍රතිචාර දක්වමින් සැකකරු ඕනෑම විමර්ශනයකට සහාය දීමට බලාපොරොත්තුවෙන් සිටින බැවින්, ඕනෑම කොන්දේසියක් යටතේ ඇප නියම කරන ලෙසට ඉල්ලා සිටියා.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය විමර්ශන ප්‍රගතිය අප්‍රිල් මස 25 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කරමින් සැකකරුට ඇප නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30