රග්බි නිලවරණයට ගොනු වූ පෙත්සමක් සලකා බැලීමට දින දෙයි

කල් දමා තිබෙන ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලවරණය වහා පවත්වන ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 20 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.

හිටපු රග්බි ක්‍රීඩකයෙකු වන වරුණ ද සිල්වා විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම අද (15) සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

නිලවරණය පැවැත්වීම සඳහා කටයුතු කරන බවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ එකඟතාවක් ඇතිකරගෙන තිබියදී එය නොපැවැත්වීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

මෙහිදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන සඳහන් කළේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 20 වැනිදා කැඳවන ලෙසයි.

ඒ අනුව දෙපාර්ශ්වයේ එකඟත්වය මත මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 20 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල නියෝග කළා.

මේ අතර කොළඹ දිසා අධිකරණය හමුවේ ඇතිකර ගත් එකගතාවය අනුව ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලවරණය නොපැවැත්වීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට එරෙහිව නිකුත් කර තිබෙන නොතීසි නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 20 වැනිදා ප්‍රකාශයට පත් කරන බව ද අභියාචනාධිකරණය නිවේදනය කළා.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශ්වය විසින් තම සේවා දායකයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමට අදාළ නඩුකරය පිළිබඳ නොතීසි ලබාගෙන තිබෙන්නේ අධිකරණය නොමඟ යවන සුළු කරුණු ඉදිරිපත් කිරීමෙන් බව සඳහන් කළා.

ශ්‍රී ලංකා රක්බි නිලවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කරන නිලවරණ කමිටුව පත් කරන බව පමණක් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දී තිබූ බවත් ඔහු එම ප්‍රතිඥාව ඒ ආකාරයෙන්ම ඉෂ්ට කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නා.

එබැවින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා කිසිදු අවස්ථාවක අධිකරණයට අපහාසයක් සිදුකර නොමැති බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියා.

මේ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඒම්.ඒ. සුමන්දිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් වග උත්තරකාර ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිලවරණය සඳහා නිලවරණ කමිටුව පත් කිරීමට අමතරව නිලවරණය පැවැත්වීමට පියවර ගන්නා බවටත් කොළඹ දිසා අධිකරණය හමුවේ ප්‍රතිඥා ලබා දී තිබූ බව කියා සිටියා.

එම ප්‍රතිඥාව අනුව කටයුතු නොකිරීම තුළින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සුමන්දිරන් අධිකරණය හමුවේ පැවසුවා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 20 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම්දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18