රක්ෂණ සංස්ථාව ගැන ජනපති තම ස්ථාවරය පහදයි

කාර්යක්ෂම හා ඵලදායී ආයෝජන කෙරෙහි අවධානය යොමු කරමින් රක්ෂණ සංස්ථාව ඉදිරියේ දී මෙරට ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබාදෙන ආයතනයක් බවට පත් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරනවා.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරින් සමඟ අද (07) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වත්මන් මෙහෙයුම් කාර්යයන් පිළිබඳව මෙහි දී සමාලෝචනයට බඳුන් කෙරුණු අතර, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පාඩු ලැබුවහොත් එහි සෘජු බලපෑමට ලක් වන්නේ එහි ආයෝජනය කර ඇති ජනතාව වන බැවින් නිසි කළමනාකරණයක් මඟින් එය වඩා ලාභදායී රාජ්‍ය ව්‍යවසායක් ලෙස පවත්වා ගෙන යා යුතු බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති නුසිත් කුමාරතුංග ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30