යෝජිත නව ආයෝජන පනත් කෙටුම්පත සැකසීමේ දී වියට්නාම විශේෂඥ දැනුම ලබාදීමට එකඟතාව

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික ආචාර්ය බුයි වැන් ගිම් ඇතුළු නියෝජත පිරිසක් අතර හමුවක් අද (17) අරලියගහ මන්දිරයේ දී පැවැත් වුණා.

වියම්නාමයේ නිදහස් අරගලයෙන් පසුව ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් අත්කර ගැනීම සම්බන්ධයෙන් මෙහි දී අග්‍රාමාත්‍යවරයා වියට්නාම ආචාර්ය බුයි වැන් ගිම්ට සුබපැතුම් එක්කර සිටියා.

සාර්ථක ලෙස විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා වියට්නාමය අනුගමනය කරන නව්‍ය ක්‍රමවේදයන් අගය කළ අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාව නුදුරේදීම නව විදේශ ආයෝජන පනත් කෙටුම්පතක් සකස් කිරීමට සැලසුම් කර ඇති බැවින් සදහා බැවින් වියට්නාම විශේෂඥ දැනුම හා බලාපොරොත්තු වන බවව ද සඳහන් කළා.

එහිදී ආචාර්ය බුයි වැන් ගිම්, අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමට එකඟ වූ අතර වියට්නාමය ශ්‍රී ලංකාව විශේෂ මිතුරෙකු ලෙස සලකන බවත් ද්විපාර්ශ්වික වෙළඳාම, ආයෝජන, සංචාරක සහ සංස්කෘතික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට විශාල විභවයක් පවතින බවත් පැවසුවා.

වියට්නාමයේ සහල් කේන්ද්‍රය ලෙස හැඳින්වෙන වී සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධියට පත් වින්හ් ලෝන්ග් පළාත නියෝජනය කරන තමන්ට ශ්‍රී ලංකාවේ පළාත්වලට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලැබෙන සේ වින් ලෝන්ග් සමඟ පළාත් මට්ටමේ සහයෝගීතාවයක් ඇති කළ හැකි බවත් ඔහු සඳහන් කර සිටියා.

වෙළඳ, සංචාරක, කර්මාන්ත, කෘෂිකර්මාන්තය, සංස්කෘතිය, අධ්‍යාපනය, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය ඇතුළු අනෙකුත් වාණිජ හා ආර්ථික ක්‍රියාකාරකම් වැනි ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් ද වියට්නාම නියෝජිත පිරිස මෙහිදී සාකච්ඡා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14