spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යෝජිත නව ආයෝජන පනත් කෙටුම්පත සැකසීමේ දී වියට්නාම විශේෂඥ දැනුම ලබාදීමට එකඟතාව

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික ආචාර්ය බුයි වැන් ගිම් ඇතුළු නියෝජත පිරිසක් අතර හමුවක් අද (17) අරලියගහ මන්දිරයේ දී පැවැත් වුණා.

වියම්නාමයේ නිදහස් අරගලයෙන් පසුව ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් අත්කර ගැනීම සම්බන්ධයෙන් මෙහි දී අග්‍රාමාත්‍යවරයා වියට්නාම ආචාර්ය බුයි වැන් ගිම්ට සුබපැතුම් එක්කර සිටියා.

සාර්ථක ලෙස විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා වියට්නාමය අනුගමනය කරන නව්‍ය ක්‍රමවේදයන් අගය කළ අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාව නුදුරේදීම නව විදේශ ආයෝජන පනත් කෙටුම්පතක් සකස් කිරීමට සැලසුම් කර ඇති බැවින් සදහා බැවින් වියට්නාම විශේෂඥ දැනුම හා බලාපොරොත්තු වන බවව ද සඳහන් කළා.

එහිදී ආචාර්ය බුයි වැන් ගිම්, අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමට එකඟ වූ අතර වියට්නාමය ශ්‍රී ලංකාව විශේෂ මිතුරෙකු ලෙස සලකන බවත් ද්විපාර්ශ්වික වෙළඳාම, ආයෝජන, සංචාරක සහ සංස්කෘතික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට විශාල විභවයක් පවතින බවත් පැවසුවා.

වියට්නාමයේ සහල් කේන්ද්‍රය ලෙස හැඳින්වෙන වී සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධියට පත් වින්හ් ලෝන්ග් පළාත නියෝජනය කරන තමන්ට ශ්‍රී ලංකාවේ පළාත්වලට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලැබෙන සේ වින් ලෝන්ග් සමඟ පළාත් මට්ටමේ සහයෝගීතාවයක් ඇති කළ හැකි බවත් ඔහු සඳහන් කර සිටියා.

වෙළඳ, සංචාරක, කර්මාන්ත, කෘෂිකර්මාන්තය, සංස්කෘතිය, අධ්‍යාපනය, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය ඇතුළු අනෙකුත් වාණිජ හා ආර්ථික ක්‍රියාකාරකම් වැනි ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් ද වියට්නාම නියෝජිත පිරිස මෙහිදී සාකච්ඡා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?