යෝජිත ජාතික විදුලිබල ප්‍රතිපත්ති කෙටුම්පත ගැන ආංශික අධීක්ෂණ කාරක සභාවක අවධානය

යෝජිත ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සඳහා සකස් කර ඇති කෙටුම්පත සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර අදාළ සියලු පාර්ශ්වයන් සමඟ පුළුල් සාකච්ඡාවක් පැවැත්විය යුතු බව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අවධාරණය කර තිබෙනවා.

එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ දී මේ බව අවධාරණය කෙරුනා.

ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ සාමාජිකයින් පැවසුවේ ජාතික බලශක්ති ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සඳහා කෙටුම්පතක් සකස් කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් මහජනතාවගේ සහ අදාළ පාර්ශ්වයන්ගේ අදහස් ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.

පිරිවැය ඵලදායී මිල ගණන් යටතේ කාර්යක්ෂම විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා මෙම ප්‍රතිපත්ති සකස් කර ඇති බව ද ඔවුන් සඳහන් කළා.

මෙම ප්‍රතිපත්ති සකස් කිරීමේ කටයුතු පුළුල් සාකච්ඡාවලින් අනතුරුව සිදුකළ යුතු බව ප්‍රකාශ කළ කාරක සභා සභාපතිවරයා, පෞද්ගලික අංශය ඇතුළු විදුලිබල ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශ්වයන්ගේ අදහස් සලකා බැලීමේ අවශ්‍යතාව අවධාරණය කර සිටියා.

යෝජිත ජාතික විදුලිබල ප්‍රතිපත්ති කෙටුම්පත ඇතුළුව යෝජිත ගාස්තු ප්‍රතිපත්තිය මෙම කාරක සභා රැස්වීමේ දී විස්තරාත්මකව සාකච්ඡා කරනු ලැබුවා.

බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු විශේෂඥයින් මේ පිළිබඳව පැහැදිලි කිරීම් සිදුකර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42