spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යොහානි ගැන අගමැති ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය

නව පරපුරේ ගායිකා යොහානි දිලෝකා ද සිල්වා මෙනවිය ඇගයීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමවූ බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව ඇයට බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවත ප්‍රදේශයෙන් පර්චස් 9.68ක බිම් කොටසක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් 1996 වසරේ ක්‍රිකට් ලෝක ශූරයන් සඳහා බිම් කොටස් ලබා දුන් ප්‍රදේශයට යාබඳව එම බිම් කොටස ලබාදීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසුවේ.

මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කළ යෝජනාවකට එලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?