යුරෝපා සංගමයට මෙන් ම පෝලන්තයට ද ශ්‍රී ලංකාව සුවිශේෂි රටක්

මෙරටට පැමිණ සිටින මේ වන විට යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපතිත්වය දරන පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි (Radoslaw Sikorski) මහතා ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වූවා.

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ඉදිරියේදී ගෝලීය වශයෙන් රටට මුහුණ දීමට සිදු වන ආර්ථික අභියෝග ජය ගැනීමට යුරෝපා සංගමයේ සහාය අවශ්‍ය බව ජනාධිපතිවරයා පැවසුවා.

අමෙරිකාව විසින් පනවා ඇති නව තීරුබදු ක්‍රමය හමුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සීමාවන් තුළ කටයුතු කිරීමේ දී ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදු වන අභියෝගවල දී යුරෝපා සංගමය සමඟ පුළුල් සහයෝගයකින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

ශ්‍රී ලංකාවට ලබා දී ඇති GSP+ සහනය අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් යුරෝපා සංගමය දක්වන ධනාත්මක ප්‍රතිචාරය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අගය කර සිටියා.

මෙහිදී අදහස් දැක්වූ පෝලන්ත විදේශ අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි මහතා වැඩිදුරටත් සඳහන් කළේ, සිය සංචාරය මගින් යුරෝපා සංගමයට මෙන්ම පෝලන්තයට ද ශ්‍රී ලංකාව කෙරෙහි පවතින සුවිශේෂී අවධානය පිළිඹිබු වන බවයි.

ශ්‍රී ලංකා – පෝලන්ත ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර පවතින වසර 50ක ආර්ථික සහ වෙළෙඳ සබඳතා හා වසර 30ක සංවර්ධන සහයෝගීතා වැඩපිළිවෙළ මෙහිදී සිහිපත් කළ පෝලන්ත විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නව රජය සමග සමීප සහයෝගයකින් කටයුතු කිරීම සිය රජයේ අපේක්ෂාව බවද සඳහන් කළා.

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති කාමෙන් මොරෙනෝ (Carmen Moreno) මහත්මිය ඇතුළු නියෝජිත පිරිසද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32