යුරෝපයට ඔය දේ වෙන බව මම එදා කිව්වා, නමුත් ඇහුම්කන් දුන්නේ නැහැ – යුරෝපීය කොමිසමේ සභාපති

යුරෝපා සංගමය චීනය සමඟ පවතින ආර්ථික සහ දේශපාලනික සබඳතාවලදී වඩාත් ප්‍රවේශම් විය යුතු බවට තමා මීට පෙර කරන ලද අනතුරු ඇඟවීම් කෙරෙහි යුරෝපීය නායකයන් නිසි අවධානයක් යොමු නොකළ බව යුරෝපීය කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලේයන් පවසනවා.

යුරෝපීය පාර්ලිමේන්තු මැතිවරණය ආසන්නයේ යුරෝනිවුස් පුවත් සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.

ඇය පෙන්වා දෙන්නේ චීනය විසින් යුරෝපීය වෙළෙඳපොළ ආක්‍රමණය කිරීම, උපායමාර්ගික යටිතල පහසුකම් තමන් සතු කරගැනීමට උත්සාහ කිරීම සහ රුසියාවට ලබාදෙන වක්‍ර සහයෝගය පිළිබඳව තමා දිගින් දිගටම කරුණු පෙන්වා දුන් බවයි.

එහෙත් ඇතැම් යුරෝපීය රටවල් කෙටි කාලීන ලාභ අපේක්ෂාවෙන් චීනය මත දැඩි ලෙස යැපීමට කටයුතු කළ බව ඇය විවේචනය කරනවා.

වත්මන් ගෝලීය දේශපාලන වාතාවරණය තුළ චීනයෙන් එල්ල වන තර්ජන වඩාත් පැහැදිලි වී ඇති බැවින්, යුරෝපය දැන්වත් එකමුතුව නැගී සිටිය යුතු බව වොන් ඩර් ලේයන් අවධාරණය කර තිබෙනවා.

විශේෂයෙන්ම විද්‍යුත් වාහන (EV) සහ හරිත තාක්ෂණික ක්ෂේත්‍රයන්හිදී චීන සමාගම්වලට පවතින අසමතුලිත වාසි සහගත තත්ත්වයන් පාලනය කිරීම සඳහා යුරෝපීය සංගමය දැඩි තීරණ ගත යුතු බව ඇගේ අදහසයි.

කෙසේ වෙතත්, මැතිවරණයෙන් පසු පිහිටුවන නව යුරෝපීය නායකත්වය, චීනය සමඟ පවතින සබඳතා අවදානම් අවම කිරීමේ ප්‍රතිපත්තියක් කරා රැගෙන යාමට කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40