යුක්රේන සිරකරුවන් රැගත් රුසියානු යානයක් කඩා වැටෙයි

යුක්රේන යුද සිරකරුවන් 65 දෙනෙකු රැගත් රුසියානු Ilyushin Il-76 හමුදා ප්‍රවාහන ගුවන් යානයක් රුසියාවේ Belgorod කලාපයේදී කඩා වැටී තිබෙනවා.

රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් රුසියානු රාජ්‍ය මාධ්‍ය මෙය තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් කියා සිටියේ ගුවන් අනතුර පිළිබඳ සොයා බලන බවයි.

යුක්රේන දේශසීමාව ආසන්නයේ Belgorod ප්‍රදේශයේදී හමුදා ගුවන් යානයක් කඩා වැටී ඇති බව සඳහන්.

සිරකරු හුවමාරුව සඳහා ප්‍රවාහනය කරන ලද යුක්රේන හමුදා භටයින් 65 දෙනෙකු, කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු සහ පරිවාර භටයින් තිදෙනෙකු යානයේ සිටි බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

යානය කඩා වැටීමට හේතුව කුමක් ද යන්න තවමත් තහවුරු වී නැහැ.

රුසියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් චෝදනා කර ඇත්තේ යුක්රේනය යානය බිම හෙළූ බවටයි.

නමුත් ඔහු ඊට අදාළව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40