යුක්‍රේන ජනාධිපති, පාප් වහන්සේ මුණගැසෙයි (ඡායාරූප)

යුක්‍රේන ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි ශුද්ධෝත්තම පාප් වහන්සේ මුණ ගැසී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුක්‍රේන ජනාධිපතිවරයා වතිකානුවේදී පාප් වහන්සේ මුණගැසුණු බවයි.

යුද්ධය හේතුවෙන් යුක්‍රේනයේ මතුව ඇති මානුෂීය හා දේශපාලන අර්බුධය පිළිබඳව එහිදී ජනාධිපතිවරයා සහ පාප් වහන්සේ අතර සාකච්ඡා වී තිබෙනවා.

මෙම හමුවේ දී යුක්‍රේන ජනාධිපතිවරයා ශුද්ධෝත්තම පාප් වහන්සේ වෙත යුක්‍රේන සෙබළෙකුගේ වෙඩි නොවදින කබායක් සිහිවටනයක් ලෙස පිළිගන්වා ඇති බවයි වාර්තා වුණේ.