යුක්‍රේනය සමඟ සෘජු සාකච්ඡා ඇරඹීමට පුටින් කැමැත්තෙන්

යුක්‍රේනය සමඟ යුද ගැටුම් සම්බන්ධයෙන් මැයි 15ට පෙර සෘජු සාකච්ඡා ආරම්භ කිරීමට තමන් සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් පවසනවා.

ක්‍රෙම්ලිනයේ සිට රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමින් පුටින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

පූර්ව කොන්දේසියකින් තොරව යුක්‍රේනය සමඟ සෘජු සාකච්ඡා නැවත ආරම්භ කිරීමට තමන් සූදානම් බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

එක්සත් රාජධානියේ අගමැති සර් කීර් ස්ටාර්මර් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඇතුළු යුරෝපීය නායකයින් යුක්‍රේනයට ගොස් කොන්දේසි විරහිත දින 30 ක සටන් විරාමයකට එකඟ වන ලෙස රුසියාවෙන් ඉල්ලා සිටීමෙන් පැය කිහිපයකට පසුව පුටින් සිය ස්ථාවරය මෙලෙස ප්‍රකාශකර තිබෙනවා.

ගැටුම් සඳහා හේතු වූ සාධක ඉවත් කර කල් පවතින ශක්තිමත් සාමයක් කරා ගමන් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ද සූදානම් බව ද පුටින් මෙහිදී පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?