යුක්රේනය යළිත් විදුලි අපනයනය අරඹයි

මාස හයකට පසු පළමු වරට විදුලිය අපනයනය කිරීමට යුක්රේනයට හැකියාව ලැබී තිබෙනවා.

රුසියානු ප්‍රහාරවලින් අනතුරුව යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම් මාස කිහිපයකින් නැවතත් යථා තත්ත්වයට පත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියාව පසුගිය ඔක්තෝම්බර් මාසයේදී යුක්රේනයේ බලශක්ති පද්ධති ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීම ආරම්භ කර තිබුණා.

එය ශීත ඍතුවේ දී නගර අඳුරේ තබමින් ජනතාව දැඩි අපහසුතාවට පත් කළ විදුලිය විසන්ධි කිරීමට ද හේතු වුණා.

විදුලි අපනයනය නතර කරන ලෙසට යුක්රේනයට බලපෑම් එල්ල වූ අතර දැන් එහි අතිරික්ත බලය නැවත අලෙවි කිරීමට හැකි බවයි සඳහන් වන්නේ.

දේශීය විදුලි පාරිභෝගිකයින්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් අපනයන සඳහා අවසර දෙන විධායක නියෝගයකට බලශක්ති අමාත්‍ය හර්මන් හලුෂ්චෙන්කෝ අත්සන් තබා තිබෙනවා.

මෙම පද්ධතිය මගින් ගතවූ මාස දෙකකට ආසන්න කාලයක් අමතර විදුලි ධාරිතාවක් නිපදවා ඇති අතර විදුලි පරිභෝජනයේදී යුක්රේන ජනතාවට සීමාවන්ට මුහුණ දීමට සිදු නොවන බවයි බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

වඩාත් දුෂ්කර වූ ශීත කාලය ගෙවී ගොස් ඇති අතර ඊළඟ පියවර වන්නේ විදුලිය අපනයනය කිරීම ආරම්භ කිරීම බව ඔහු පෙන්වා දෙනවා.

එමඟින් විනාශ වූ හා හානියට පත් බලශක්ති යටිතල පහසුකම් සඳහා අවශ්‍ය අතිරේක මුල්‍ය සම්පත් ළඟා කර ගැනීමට ඉඩ සලසන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉංජිනේරුවන් සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ උත්සාහයන් ද ඔහු ප්‍රශංසාවට ලක් කර තිබෙනවා.

යුක්රේනය පුරා පදිංචිකරුවන් පසුගිය මාසයේ විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ බිඳ වැටුණු විදුලිබල සැපයුම් වඩාත් විශ්වාසදායක වෙමින් පවතින බවයි.

වීදි ලාම්පු නැවත පැමිණ ඇති අතර, නගරයේ වීදිවල ඇවිදීම තවදුරටත් බියජනක නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

යුද්ධය පැවති කාලය තුළ රුසියාව තම බලශක්ති පහසුකම් වෙත මිසයිල සහ ඩ්‍රෝන යානා මගින් ප්‍රහාර 1,200 කට වැඩි ප්‍රමාණයක් සිදු කර ඇතැයි යුක්රේන බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් එම ප්‍රහාර හඳුන්වා දෙන්නේ යුරෝපීය රටක බලශක්ති පද්ධතිය විනාශ කිරීමට ගත් විශාලතම උත්සාහය ලෙසයි.

විදුලි බිඳ වැටීම් හේතුවෙන් පසුගිය ශීත ඍතුවේ දී යුක්රේනය පුරා නගරවල, ඇතැම් සිවිල් වැසියන්ට හිමායන උෂ්ණත්වයන්වලදී සිරුරු උණුසුම්ව තබා ගැනීමට ප්‍රතිරෝධී මධ්‍යස්ථාන ලෙස හඳුන්වන මධ්‍යස්ථාන භාවිතා කිරීමට ද සිදු වුණා.

එම මධ්‍යස්ථාන මගින් විදුලි බලය සහ තාපය මෙන්ම ආහාර සහ ඖෂධ වැනි මූලික සැපයුම් ද සපයනු ලැබුවා.

රුසියාව යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර සිදු කිරීම ආරම්භ කිරීමෙන් පසු තාප සහ ජල විදුලි බලාගාර සෑම එකක්ම පාහේ හානියට ලක්ව තිබෙනවා.

පසුගිය 2022 වසරේ ජූනි මාසයේදී යුක්රේනය පවසා තිබුනේ යුරෝ බිලියන 1.5ක් (පවුම් බිලියන 1.33ක්) යුරෝපා රටවල් වෙත විදුලිය අපනයනයෙන් උපයා ගැනීමට බලාපොරොත්තු වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16