spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යාපනයේ යතුරුපැදියක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී යතුරුපැදිකරු ජීවිතක්ෂයට

යාපනය,කොඩිකාමම්,වරණි ප්‍රදේශයේදී අද (02) අලුයම සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කොඩිකාමම් පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ යතුරුපැදියක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදිකරු ජිවිතක්ෂයට පත්ව ඇති බවත්
අනතුරින් යාපනය,අල්වායි ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවත් පොලිසිය පැවසුවා.

යාපනය,අල්වායි සිට කොඩිකාමම් දක්වා ගමන්ගත් යතුරුපැදියක්,කොඩිකාමම් සිට පේදුරුතුඩුව දක්වා ගමන්ගත් වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබු යතුරුපැදිකරු යාපනය රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවද ,
මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවද පොලිසිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?