උතුරේ පළාතේ දී පුද්ගලයන් පිරිසක් විසින් හිස් වැසුම් නොමැතිව යතුරු පැදි ධාවනය කිරීමේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමඟ ඒ පිළිබද සමාජයේ දැඩි කතා බහක් නිර්මාණය වුණා.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (23) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර දී මාධ්‍යවේදීන් විසින් පොලිසියෙන් ඒ සම්බන්ධව කරුණු විමසා සිටි අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මුලතිව් කොට්ඨාස භාර නිලධාරියාගේ මෙහෙයවීම මත සොදු කරනු ලැබූ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
2
+1
+1
+1
1













