spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යාපනයේ උපකාරක පංති ගැන විශේෂ තීරණයක්

එළඹෙන ජුලි 01 වනදා සිට සිකුරාදා සහ ඉරිදා දිනයන්වල පෞද්ගලික උපකාරක පංති නොපවැත්වීමට තීරණය කළ බව යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.

ඒ, අනුව 09 ශ්‍රේණියේ සිට ඉන් පහළ පංති සඳහා අදාළ දිනයන් දෙක තුළ උපකාරක පංති නොපවැත්වීමට මෙලෙස තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

යාපනය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ, පෞද්ගලික පංති හිමිකරුවන්, ගුරුවරුන්, ළමා සංවර්ධන නිලධාරීන් සහ පොලිසිය සමඟ පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත්තේ ළමුන්ගේ මානසික සුවතාවය වෙනුවෙන් බව සඳහන්.

මෙම තීරණය සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී ද සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?