යළිත් කොවිඩ් අනුපොකුරු ඇති වීමේ අවදානමක් ගැන අනතුරු අඟවයි

පැවති සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ආරක්ෂා නොකිරීම හා අනවශ්‍ය ජන ඒකරාශීවීම් හේතුවෙන් ‘කොවිඩ් අනුපොකුරු ඇති වීම වැළැක්විය නොහැකි බව’ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.

අද (නොවැ.03) පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, ජනතාව මෙලෙස සෞඛ්‍ය පුරුදු මගහැර වගකීම් විරහිතව හැසිරීම හේතුවෙන් විශාල අනුපොකුරක් ඇති වුවහොත් එය පාලනය කිරීමට මාස 3, 4ට වඩා කලක් ගත වන බවත් එසේ වුවහොත් නිසැකව ම සති දෙකකින් මරණ සංඛ්‍යාව ද යළි ඉහළ යා හැකි බවත් ය.

“රෝගීන් වැඩිවීම වුණොත් අනිවාර්යෙන් ම සති දෙකකින් මරණ සංඛ්‍යාව වැඩි වෙනවා. එන්නත්කරණය හැමදේම කරලා තිබුණත්. මේ තත්ත්වය පවත්වාගෙන යන්න හැමෝට ම වගකීමක් තියෙනවා. අපි දකිනවා දැන් වන විට සමාජයේ වගකීම් විරහිතව හැසිරෙන විදියක්. අනිවාර්යයෙන් ම පළාත් සීමා අයින් වෙලා තියෙනවා. යම් ප්‍රමාණයකට තත්ත්වයන් පවත්වාගෙන යන්න නමුත් ඒක අවශ්‍යතාවන්ට විතරක් ඒක පාවිච්චි කරන්න.

දැන් දකිනවා අපි සමහරු මාස්ක් එක නැතිව නැත්නම් ඒක හරියට පළදින්නේ නැතිව ඉන්න එක. එහෙම ආවොත් අනුපොකුරු ඇති වෙන එක වළක්වන්න බෑ. වසංගතයක ස්වභාවය යම් ප්‍රමාණයකට ප්‍රචලිත වුණොත් ඒක පාලනය කරන්න දුෂ්කරයි. යම් කිසි විශාල පොකුරක් ආවොත් යම් සාධනීය තත්ත්වයකට ගේන්න මාස තුන හතරකට වැඩි කාලයක් අනිවාර්යයෙන් යනවා. ඒ නිසා එදාට දුක්වෙලා වැඩක් නෑ. මාස්ක් එක හරියට පළඳින්න. අත සෝදන්න. අනවශ්‍ය පරිදි ජනතාව හමුවන තැන්වලට යන්න එපා. ඒක හරි ම වැදගත්. හුඟක් වෙලාවට අනු පොකුරු ඇතිවන්නේ අනවශ්‍ය විදියට ජනතාව ගැවසෙන තැන්වලට යාම තුළින්. දැනටමත් යම් යම් ප්‍රදේශවල අනුපොකුරු කිහිපයක් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට පරිභාහිරව සංවිධානය කරපු මගුල් ගෙවල්, මළ ⁣ගෙවල් හරහා කිහිපයක් වාර්තා වෙලා තියෙනවා. ඒ තත්ත්වය එච්චර හිතකර නෑ.”

තව ද මේ වන විට මතුව ඇති තත්ත්වය අනුව එක් ආසාදිතයෙකු හමු වූ අවස්ථාවක ඔහුගේ ආශ්‍රිතයින් සොයා ගොස් ඔවුන් නිරෝධායනයට ලක් කිරීමේ මින් පෙර පැවති තත්ත්වයට මාරු වන අවස්ථාවකට අප පැමිණ ඇති බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ය.

“රෝගීන් සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වුණා ම ඒ වගේ අවස්ථාවක අපිට එක්කෙනා එක්කෙනා පස්සේ පුද්ගලිකව සොයා බැලීම් කරන්න අපහසුතාවක් තිබ්බා. නමුත් දැන් මේ තත්ත්වය යටතේ අපි අයේ උත්සාහ කරන්නේ අර මුල් තත්ත්වයට ම යන්න. යම් කිසි රෝගියෙක් ආවොත් ඔහුගේ ආශ්‍රිතයින් සොයා ගිහිල්ලා, ඔවුන් සියල්ල ම නිරෝධායනය කරන්න. දැන් අපි ඉන්නේ ඒ තත්ත්වයට මාරු වෙන අවස්ථාවක. ඒක උපරිමයෙන් කරන්න වෙනවා මේ තත්ත්වය පාලනය කර ගන්න.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32