යතුරුපැදි 02ක් ගැටී පෙරළී ගොස් සිදුවූ අනතුරකින් බාලවයස්කරුවෙක් ජීවිතක්ෂයට

ඇතිමලේ පොලිස් වසමේ ඇතිමලේ 50 කොටසේ ඩෝසර් වැව ඩී 02 ඇල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ගැටීමෙන් පසු පෙරළී ගොස් සිදුවූ අනතුරකින් බාලවයස්කරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (24) දහවල් කාලයේ මෙම අනතුර සිදුව ඇති බවයි.

එකම දිශාවට ගමන් කළ යතුරුපැදි දෙකක්, ඉන් එක යතුරුපැදියක් අනෙක් යතුරුපැදිය පසුකර යාමට උත්සහ කිරීමේදී යතුරුපැදි දෙක එකිනෙක ගැටීමෙන් පැදිකරුවන්ට පාලනය කර ගැනීමට නොහැකිව පෙරළීගොස් තිබෙනවා.

මෙම අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා හා පසුපැදිකරුවන් තිදෙනෙකු සිරිගල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී එක් යතුරුපැදිකරුවෙකු මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 15ක ඇතිමලේවැව ප්‍රදේශයේ පදිංචිව සිටි බාලවයස්කරුවෙක්.

පොලිසිය සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදි දෙකේම පුද්ගලයින් තිදෙනා බැගින් ගමන් කර ඇති බවයි.

මොවුන් කිසිවෙකුටත් ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව ගමන් කර ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ඇතිමලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14