යතුරුපැදි අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

මාදම්පේ -තඹගල්ල ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද සවස 2ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ හලාවත – මහගම සහ රුවන්වැල්ල – කන්නන්තොට පදිංචිව සිටි අවුරුදු 16ක පාසල් සිසුන් දෙදෙනෙක්.

මින් එක් සිසුවෙක් මාදම්පේ – මැදගම අභය ආදර්ශ ජාතික පාසලේ ඉගෙණුම ලබමින් සිට ඇති අතර,අනෙක් සිසුවා මහනුවර ප්‍රදේශයේ පාසලක ඉගෙණුම ලබමින් සිටින බව අනාවරණය වී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී යතුරුපැදිය පදවා ඇත්තේ පාසල් නිල ඇදුමින් සැරසී සිටි සිසුවෙක් වන අතර අනෙක් සිසුවා ඔහුගේ ඥාති සහෝදරයෙක් බව සඳහන්.

අනතුර සිදුවන විට දෙදෙනාම ආරක්ෂිත හිස් වැසුම් පැළඳ නොසිටි බවටයි හෙළිවී ඇත්තේ.

අධික වේගයෙන් ධාවනය වී ඇති යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන මීටර් 25ක් පමණ ඉදිරියට ඇදී ගොස් විදුලි පහන් කණුවක ගැටී අනතුර සිදුවී තිබෙනවා.

යතුරුපැදිය පදවා ඇති සිසුවා රෝහලට ගෙන යමින් සිටින අතර තුර මිය ගොස් ඇති අතර අනෙක් සිසුවා ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මිය ගොස් ඇත්තේ.

මාදම්පේ පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39