යතුරුපැදිවලින් වැඩ දැමූ 8ක් අත්අඩංගුවට

ෆේස් බුක් ඔස්සේ සංවිධානය වී හොරණ කොළඹ මාර්ගයේ කුඹුක ප්‍රදේශයේ තරඟයට යතුරුපැදි ධාවනය කළ තරුණයන් 8 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර තරුණයන් කුඹුක සිට ගෝනපල දක්වා අපරික්ෂාකාරී ලෙස ඝෝෂාකාරී අන්දමින් යතුරුපැදි ධාවනය කරන බවට
පොලිසියට ලැබුණු තොරතුරක් අනුවයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අදාළ යතුරු පැදිවලට විවිධ කොටස් එකතු කර ඉදිරිපස රෝදය එසවීමට හැකි ආකාරයෙන් සකස් කර තිබී ඇති බව සඳහන්.

පොලිස් භාරයට ගත් බහුතරයක් යතුරු පැදිවල ටයර් අධික ලෙස ගෙවී ඇති අතර ඇතැම් යතුරුපැදිවල පිටුපස ලියාපදිංචි අංක තහඩුව ද නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කළුතර, මොරන්තුඩුව සහ හොරණ ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයටඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම ? එක පාරම ගැස්සිලා නැගිට්ටා නේද ?
01:11
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23