යට ඇඳුමේ හංගාගෙන පිඹුරන් ගේන්න හැදූ ශෙහාන් බැංකොක් නුවර දී අල්ලයි

තායිලන්තයේ බැංකොක් නුවර සුවර්ණභූමි ගුවන් තොටුපළේ දී පිඹුරන් තිදෙනෙකු යට ඇඳුම් තුළ සඟවා ගෙන රටින් පිටතට ගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බැංකොක් හි වනජීවී අපරාධ බුද්ධි මධ්‍යස්ථානය සඳහන් කළේ ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම ගුවන් මගියාව අත්අඩංගුවට ගැනුණු බවයි.

ශෙහාන් නැමැති මෙම සැකකරු තායි එයාර්වේස් ගුවන් සේවට අයත් TG 308 දරණ ගුවන් යානයෙන් බැංකොක් වෙත තිබුණා.

සැකකරුගේ පසුබිම් වාර්තා මඟින් අනාවරණය වී ඇත්තේ, වෘකයන්, මීර්කට්, කළු කොකාටූ, සීනි ග්ලයිඩර්, පෝර්කපයින්, බෝල පිඹුරන්, ඉගුවානා, ගෙම්බන්, සැලමැන්ඩර් සහ කැස්බෑවන් ඇතුළු විවිධ වනජීවී විශේෂයන් ප්‍රවාහනය කිරීමේ පෙර සිදුවීම් ඔහුට එරෙහිව ඇති බවයි.

මෙම සැකකරු පෙරේදා තම නවාතැනෙන් කුලී රථයකින් පිටත් වී පස්වරු 7.00 ට පමණ සුවර්ණභූමි ගුවන්තොටුපළට පැමිණ ඇති අතර, ඔහු ගුවන් තොටුපළට ඇතුළු වූ පසු ඔහුගේ ගමන් මළු පරීක්ෂා කළ ද කිසිවක් හමුවී නැහැ.

කෙසේ වෙතත් පසුව නිලධාරීන් ඔහුගේ ශරීරය පරීක්ෂාකර ඇති අතර, එහිදී ඔහුගේ යට ඇඳුම්වල සඟවා තිබූ බෝල පිඹුරන් තුනක් සොයා ගෙන තිබෙනවා.

ඒ, අනුව විධිමත් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියා පටිපාටි සහ වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18