spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යට ඇඳුමේ සඟවාගෙන රන් පන්නන්න හැදූ ශ්‍රී ලන්කන් කේටරින් සේවකයා රිමාන්ඩ්

යට ඇඳුමේ සඟවාගෙන නීතිවිරෝධීව රත්රන් තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කිරීමේ දී අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ සේවකයා ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකරු උයේ (31) දිනයේ දී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු විසින් රුපියල් දාහත් කෝටි හැට ලක්ෂයක් වටිනා රන් බිස්කට් 66ක් සිය යට ඇඳුමේ සඟවාගෙන ගුවන් තොටුපොළෙන් පිට කිරීමට උත්සාහ කිරීමේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී රේගු භාරයට ගත් මෙම රත්රන් බිස්කට් තොගය රාජසන්තක කිරීමට කටයුතු කළ අතර, රුපියල් දාහත් කෝටි හැට ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසට ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ සැකකාර සේවකයාට නියෝග කළා.

ඔහුට දඩ මුදල් ගෙවීමට අපොහොසත්වීම හේතුවෙන් මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගත බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?