මෝදි – වැන්ස් ද්විපාර්ශ්වික සාකච්ඡා අවසන් – වෙළෙඳ ගිවිසුම් සුබදායක වන ලකුණු

ඉන්දු – අමෙරිකා දෙපාර්ශ්වය අතර එළැඹීමට යෝජිත ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා සුබදායී ප්‍රගතියක් ලබනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අගමැති නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් නවදිල්ලියේ දී වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡා පැවැත්වීමත් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක් ගැන සැලකිය යුතු මට්ටමේ ප්‍රගතිශීලී ප්‍රතිපත්තියකට යොමු වනු ඇති බවයි වාර්තා වන්නේ.

යෝජිත ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමේ (BTA) සාකච්ඡා සඳහා වන මාර්ග සිතියම ගෙනහැර දක්වමින් ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් යොමු කිරීමේ කොන්දේසි අවසන් කර ඇති බව එක්සත් ජනපදය නිකුත් කළ නිවේදනයක ද දැක්වෙනවා.

ඇමරිකානු භාණ්ඩ සඳහා නව වෙළෙඳපොළ විවෘත කිරීමෙන් සහ එක්සත් ජනපද කම්කරුවන්ට හානි කරන අසාධාරණ භාවිතයන් ආමන්ත්‍රණය කිරීමෙන් සමතුලිතතාවය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවය ළඟා කර ගැනීමට මෙම අඛණ්ඩ සාකච්ඡා උපකාරී වනු ඇතැයි එක්සත් ජනපද වෙළඳ නියෝජිත (USTR) ජේමිසන් ග්‍රියර් පැවසුවා.

මේ දක්වා ඉන්දියාවේ ඵලදායී මැදිහත්වීම අමෙරිකාව සාදරයෙන් පිළිගෙන තිබෙනවා.

”දෙරටේම කම්කරුවන්, ගොවීන් සහ ව්‍යවසායකයින් සඳහා නව අවස්ථා නිර්මාණය කිරීමට මම බලාපොරොත්තු වෙමි,” යනුවෙන් අමෙරිකානු නියෝජිත ජේමිසන් ග්‍රියර් වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53