අද (17) පස්වරුවේ කුඩහකපොළ දුම්රිය ස්ථානය ආසන්නයේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබේ.
රථයේ ගමන් කළ පුද්ගලයින් 4 දෙනෙකු බරපතළ තත්ත්වයෙන් රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.යුවළක්, මවක් සමග දියණියක් මෝටර් රථයේ සිට තිබුණි.
මංගල්‍ය උත්සවයක් සඳහා සහභාගීවී නැවත පැමිණෙමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්වී ඇත.
ඔවුන් සියලුදෙනාම ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද වාර්තා වෙයි.
අදාළ දුම්රිය කටුනායක දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක් බවද වැඩිදුරටත් වාර්තා වෙයි.
