මොරටුව වෛද්‍ය සිසුන්ට කළුතර – නාගොඩ රෝහලේ දී මහාචාර්ය පුහුණුව (වීඩියෝ)

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසුන් සදහා මහාචාර්ය පුහුණුව ලබාදීමට නිසි පහසුකම් සහ සම්පත් සහිත රෝහලක් නොතිබීමෙන් මතුව පැවති ගැටලුවට කඩිනම් විසදුම් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව අදාළ ගැටලුව සඳහා විසදුම් සෙවීමේ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍වරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත් වුණා.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය, කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව, මොරටුව විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, කළුතර නාගොඩ ශික්ෂණ රෝහල, මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ මීට සම්බන්ධ සෙසු ආයතන නියෝජිතයන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

මේ වන විට වර්ෂ 04කට අදාළ වෛද්‍ය සිසුන් 400 කට ආසන්න ප්‍රමාණයක් එම වෛද්‍ය පීඨයේ අධ්‍යන කටයුතුවල නිරත වන අතර, එහි සිව්වන වසරේ අධ්‍යන කටයුතු සිදුකරන වෛද්‍ය සිසුන් ලබන වසරේ මැද භාගය වන විටදී මහාචාර්ය පුහුණුව සදහා අනිවාර්යෙන් යොමුකල යුතු වනවා.

කෙසේ වෙතත් ඒ සදහා සුදුසුකම් සහිත කාර්ය මණ්ඩල මෙන්ම පහසුකම් සහිත රෝහලක් නොතිබීම දැඩි ගැටළුවක්ව පවතින අතර, එම ගැටළුවට විසදුම් ලබාදීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වුණා.

ඒ අනුව මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් හට අවශ්‍ය සායනික පුහුණුව ලබාදීම සදහා 2021 වර්ෂයේ දී කළුතර දිස්ත්‍රික් මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස නාමිකව ශ්‍රේණිගත කළ ද එහි මෙම කාර්ය ඉටුකිරීම සදහා ප්‍රමාණවත් භෞතික සම්පත් වැඩි දියුණු කර නොතිබීම ගැටළුවක්ව පැවතියා.

ඒ වෙනුවෙන් දැනට යෝජනා වී ඇති මාළඹේ වෛද්‍ය නෙවිල් පුනාන්දු රෝහල පිළිබදව ද මෙම සාකච්ඡාවේ දී විමසා බැලූ අතර, එම රෝහලේ මෙම කාර්ය සදහා ප්‍රමාණවත් රෝගීන් සහ පුහුණු මානව සම්පත නිසි අයුරින් නොමැති බවද අනාවරණය වුණා.

දීර්ඝ අදහස් හුවමාරුවකින් පසුව මොරටුව වෛද්‍ය පීඨයේ සිසුන්ට ලබන වර්ෂයේ ජූලි මාසයේ ආරම්භවීමට නියමිත මහාචාර්ය පුහුණුව කළුතර නාගොඩ ශික්ෂණ රෝහල තුළ ආරම්භ කිරීමටත්, ඉදිරි මාස කිහිපය තුළදී ඒ සදහා රෝහල තුළ සිදුවිය යුතු සංවර්ධන කටයුතු සිදුකිරීමට අවශ්‍ය මානව හා භෞතික සම්පත් කඩිනමින් ස්ථාපිත කිරීමටත් මෙහිදී තිරණය කරනු ලැබුවා.

මේ සදහා ඉතා කෙටි කාලයක් තුළ අදාල අඩුපාඩු සම්පූර්ණ කිරීමේ වගකීම නියමිත ආයතන වෙත මෙම සාකච්ඡාවේ දී පැවරීමටයි කටයුතු කළේ.

ඒ, අනූව රෝහලට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, කාර්ය මණ්ඩල ඇතුළුව මූලික පහසුකම් රෝහලට ලබා දීමටත්, සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශය මගින් ලබා දීමටත් මෙම සාකච්ඡාවේ දී එකඟතාවයකට එළඹ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48
Video thumbnail
කැබිනට් එක නොමඟ යැවීමක් - ට්‍රෙන්ඩරයක් ගැන අර්ජුනගෙන් ප්‍රබල හෙළිදරව්වක්
08:22
Video thumbnail
ත්‍රීරෝද රථයක් පොලිස් නිලධාරියෙක් ය# කරගෙන යන්න ගිය හැටි..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:03