මොරටුව වඩු කාර්මිකයින්ට රනිල්ගෙන් විශ්‍රාම වැටුපක් – එක්ස්ප්‍රස් පර්ල් වන්දි කඩිනමින් ගෙවනවා

එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර දූෂණය හේතුවෙන් ජීවනෝපායට බලපෑම් එල්ල වූ සියලු ධීවර ජනතාවට කඩිනමින් වන්දි ගෙවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර දූෂණය හේතුවෙන් ජීවනෝපායට බලපෑම් එල්ල වූ ධීවර ජනතාවගෙන් කොටසකට වන්දි ගෙවීම් මේ වන විටත් සිදු කර තිබෙන බවත්; ඉතිරි කොටස සඳහා ද අදාළ වන්දි මුදල් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා ඊයේ (08) රාත්‍රියේ මොරටුව විල්ලෝරාවත්ත ප්‍රදේශයේ දි එම ජනතාව හමු වූ අවස්ථාවේදීයි.

එහිදී මොරටුව ප්‍රදේශයේ ජීවත් වන වඩු කාර්මිකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදෙන ලෙස සිදු කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ අවිධිමත් ශ්‍රම වෙළෙඳපොලේ රැකියා කරන සියලු දෙනා වෙනුවෙන් ආරම්භ කරන විශ්‍රාම වැටුප සහ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ පිළිබඳව ‘පුළුවන් ශ්‍රී ලංකා’
වැඩසටහනේ සඳහන් කර තිබෙන බවයි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, කොළඹ හිටපු පුරපතිනි රෝසි සේනානායක යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව
00:59
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු
01:10
Video thumbnail
මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය
00:21
Video thumbnail
විශ්වාසභංග ගේන්නේ දිනන්න නෙමෙයි - බලෂක්ති ඇමතිට යන්න වුණානේ
04:16
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ බිහිසුණු ගින්න
01:05
Video thumbnail
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමට නියෝගයක්
02:23
Video thumbnail
පෞද්ගලික ගබඩාවකින් කොටුවූ පොහොර ගැන නලින්ද හෙළිකරයි - පුද්ගලයන් 9ක් අත්අඩංගුවට ගත්තා
01:30
Video thumbnail
මිනිස්සු හාමතේ මැ#නකොට අපිට බලාගෙන ඉන්න බැරිවුණා
09:08
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ හෝමාගම ගින්නේ නොදුටු දර්ශන පෙළක් - ආරක්ෂක අංශත් ඇවිත්
03:50
Video thumbnail
රටේ බහුතරයක් දිව්‍යලෝකෙට යවලා තමයි මේ ආණ්ඩුව ගෙදර යන්නේ
07:10