මොරටුව නිවසක් තුළ ඝාතනයක් – කාන්තාවක් කඹයකින් ගැට ගසා සිටිය දී හමුවෙලා (වීඩියෝ)

මොරටුව, රතුකුරුසවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හරේන්ද්‍ර කුමාර නැමති 42 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධිය පිළිබඳව විස්තර කරමින් ප්‍රදේශවාසීන් පවසන්නේ ඊයේ (14) රාත්‍රී එකොළහට පමණ එම නිවස දෙසින් කෑගසන ශබ්දයක් ඇසුණු බවයි.

ටික වේලාවකට පසු නිවස තුළින් පිරිත් ශ්‍රවණයවීමත් සමඟ ඒ පිළිබඳව සොයා බැලීමට නිවසට කිසිවෙක් නොගිය බවයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර කෑ ගැසීමට නොහැකි ආකාරයෙන් බිරිඳව කඹයකින් ගැට ගසා තිබී ඇති අතර, පසුව ඇය කෙසේ හෝ උත්සාහ කර ජංගම දුරකථනයෙන් අසල්වාසී කාන්තාවකට ඇමතුමක් ලබාගෙන තිබෙනවා.

පසුව දුරකථනයෙන් කෙඳිරි හඬක් ඇසීම හේතුවෙන් ඇමතුම ලැබුණු කාන්තාව නිවසට පැමිණ බැලීමේ දී මෙම සිද්ධිය දැක ඇති බව සඳහන්.

අනතුරුව බිරිඳව වහාම රෝහල්ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම ඝාතනය කුමන හේතුවක් මත සිදුවූවා ද යන්න අනාවරණ වී නොමැති අතර, මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15