spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෛත්‍රී එක්වූ බුද්ධිමය අරගලයේ උත්සවයට සෙනඟ නෑ (වීඩියෝ)

බුද්ධිමය අරගලය විසින් සම්පාදිත, රට ගොඩනගන අර්බුද විසඳන ජාතික සංවර්ධන සැළසුම එළිදැක්විම අද (26) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ දී සිදුකෙරුණා.

මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්ව සිටියා.

රට ගොඩනගන අර්බුද විසඳන ජාතික සංවර්ධන සැළසුමේ පළමු කෘතිය එහිදී මෛත්‍රීපාල සිරිසේන වෙත පිළිගන්වනු ලැබුවා.

මෙම අවස්ථාවට සහභාගී වීමට විශාල පිරිසකට ආසන සකසා තිබුණද, මේ සඳහා පැමිණ සිටියේ හිටපු ජනාධිපතිවරයා ඇතුළු තවත් දසදෙනෙකු පමණ පිරිසක්.

ඒ, හේතුවෙන් පිළියෙල කර තිබූ ආසන වලින් විශාල ආසන සංඛ්‍යාවක් හිස්ව පැවතියා.

https://youtu.be/3j3ZtIk0qa4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?