මෛත්‍රීගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානීයාගෙන් මිලියන 20ක අතිරේක දඩ මුදල අයකර ගැනීම ගැන නියෝගයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ කුසුමදාස මහානාමගෙන් කන්තලේ සීනි සමාගම් අල්ලස් නඩුවට අදාළව නියම කර ඇති රුපියල් මිලියන 20ක අතිරේක දඩ මුදල අය කර ගැනීම සම්බන්ධව ගන්නා ඉදිරි පියවර පිළිබඳ කොමිසමේ ස්ථාවරය සති දෙකක් ඇතුළත දැනුම්දෙන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අල්ලස් කොමිසමට නියෝග කළා.

ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණා.

කන්තලේ සීනි සමාගමට අයත් ගොඩනැගිලි සහ යන්ත්‍ර සූත්‍ර 2018 වසරේදී ඉන්දියානු සමාගමකට පවරා දීම සඳහා රුපියල් මිලියන 54ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ කුසුමදාස මහානාම දැනටමත් සිර දඬුවම් විඳිමින් සිටිනවා.

අධිකරණය ඔහුට නියම කර තිබුණේ එම සිර දඬුවමට අමතරව රුපියල් මිලියන 20ක දඩ මුදලක් ගෙවන ලෙසයි.

විත්තිකරුට නියම කළ රුපියල් මිලියන 20ක දඩ මුදල අය කරගැනීමේ ක්‍රමවේදය මෙම නඩුවේදී මතු වූ ප්‍රධාන නීතිමය ගැටලුව වුණා.

අදාළ දඩ මුදල ගෙවීමට තමන්ට වත්කමක් නොමැති බව විත්තිකරු බන්ධනාගාර බලධාරීන් වෙත දැනුම් දී තිබෙනවා.

ඒ පිළිබඳ බන්ධනාගාරය කළ විමසීමකට පිළිතුරු දෙමින් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ සඳහන් කළේ මුල් තීන්දුව ප්‍රකාශ කිරීමේදී දඩය නොගෙවන්නේ නම් ඒ වෙනුවට පැනවිය යුතු අමතර සිර දඬුවමක් පිළිබඳ එහි සඳහන් කර නොමැති බවයි.

එවැනි පසුබිමක, දඩය නොගෙවීම වෙනුවෙන් අමතර සිර දඬුවම් නියම කිරීමට තම අධිකරණයට මෙම අවස්ථාවේ නීතිමය බලයක් නොමැති බව විනිසුරුවරයා පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සිය ස්ථාවරය දැනුම්දෙන ලෙස අධිකරණය අල්ලස් කොමිසමට නියෝග කර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36