මේ වසරේ අගමැතිනියගේ බලාපොරොත්තුව ගැන හෙළිදරව්වක්

සංචාරකයින් මිලියන තුනක් 2025 මෙම වසරේ දී ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සිය රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය පැවසුවා.

පෙරේදා (16) කොලොන්නාවේ පැවති ජන හමුවක දියි අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ.

මෙම දේශපාලන සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියේ, රටේ ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීමට සහ සෑම ශ්‍රී ලාංකිකයෙකුට ම ප්‍රතිලාභ ලැබෙන ශක්තිමත්, ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට මේ වසරේ දී වත්මන් රජයේ බලාපොරොත්තුව බවයි.