පොළවට බරක් නැති රටට සම්පතක් වුණු දියණියක්

මොරටුව ප්‍රදේශයේ පදිංචි පානදුර අගමැති බාලිකා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන හංසි කුලන්සා කෞමදී දැරිය (අවුරුදු 15) විසින් මේ වන විට ඉතා සීඝ්‍රයෙන් විනාශ වී යන පරිසරය ,සාගර ජීවින් සහ වෙරළ ඛාදනයට විසඳුමක් ලෙස මහ කඩොල් පැළ සිටුවීම සිදුකරනවා.

ඇය විසින් පානදුර වෙළඳ නාවික පුහුණු පාසල වරාය පරිශ්‍රයේත්, මෝදර විහාරස්ථානය පිටුපස ගඟ ආශ්‍රිතව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු ඉඩම පිටුපස ගඟ ආශ්‍රිතව, ලුනාව කලපුව වටා දූව පංසල ආශ්‍රිතව මේ වන විට මහ කඩොල් පැළ 60 ක් පමණ සිටුවා තිබෙනවා..

ලෝකයට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් සහ සාගර ජීවින් ට වාසස්ථාන සපයන මහ කඩොල් ධීවර ප්‍රජාවට ඉතාමත් ප්‍රයෝජනවත්..

පසුව ඇය සිටවු පැළ වලින් ඇති ප්‍රයෝජන ගැනත් ඒවා රැකගැනීමට සහය වන ලෙසත් මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන බවයි වාර්තා වන්නේ..

මේ සදහා ඇයට ඇයගෙ මවද සහය දක්වන බව සඳහන්.

මේ ලෝකෙට අපි ආවේ නිකම්ම ඉඳලා මැරිලා යන්න නෙවෙයි, අපි යන දිනක යමක් මේ ලෝකෙට ඉතිරි කරලා යන්න,මගේ දුව විතරක් නෙවෙයි පුතාලා තුන්දෙනාටත් හැමදාම කියා දෙනවා ස්වභාවික පරිසරය රැකගන්න කියලා…
එවිට කවදාහරි,මම නැතත් එයාලට කවදාවත් නපුරක් වෙන්නේ නැහැ, අපි රකින ස්වභාවධර්මය ම අපිව රකිනවා,එය ට ඉහළින් කිසිවක් නැති නිසා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31