මේ රෝග ලක්ෂණ තියෙනවා නම් සැලකිලිමත් වෙන්න

රටවල් රැසක පවතින ශීත කාලගුණය හේතුවෙන් පැතිර යන කොරෝනා ප්‍රභේදය සාමාන්‍ය තත්ත්වයක් වුවද ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදයේ පැතිරයාම පිළිබඳ දැඩි ලෙස සැලකිලිමත් වියයුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදයට අයත් ජේ. එන්. වන් (JN1 )ලෙස හඳුන්වන නව කොවිඩ් ප්‍රභේදය ගෝලීය වශයෙන් වේගවත් ව්‍යාප්තියක් පෙන්නුම් කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රකාශ කර ඇත්තේ.

මෙම ප්‍රභේදය මේ වන විට ඉන්දියාව, චීනය, බ්‍රිතාන්‍ය, සිංගප්පූරුව සහ ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක පැතිර තිබෙනවා. එහි අවදානම අඩු මට්ටමක පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැනුවත් වීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

මෙම නව කොවිඩ් වයිරස් ප්‍රභේදයේ ලක්ෂණ ලෙස හදුනාගෙන තිබෙන්නේ කැස්ස, සුවඳ සහ රසය නොතිබීම, අඛණ්ඩව පවතින උණ, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර අරුචිය සහ වමනය තත්ත්වයයි.

මෙම රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39