spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මේ රෝග ලක්ෂණ තියෙනවා නම් සැලකිලිමත් වෙන්න

රටවල් රැසක පවතින ශීත කාලගුණය හේතුවෙන් පැතිර යන කොරෝනා ප්‍රභේදය සාමාන්‍ය තත්ත්වයක් වුවද ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදයේ පැතිරයාම පිළිබඳ දැඩි ලෙස සැලකිලිමත් වියයුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදයට අයත් ජේ. එන්. වන් (JN1 )ලෙස හඳුන්වන නව කොවිඩ් ප්‍රභේදය ගෝලීය වශයෙන් වේගවත් ව්‍යාප්තියක් පෙන්නුම් කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රකාශ කර ඇත්තේ.

මෙම ප්‍රභේදය මේ වන විට ඉන්දියාව, චීනය, බ්‍රිතාන්‍ය, සිංගප්පූරුව සහ ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක පැතිර තිබෙනවා. එහි අවදානම අඩු මට්ටමක පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැනුවත් වීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

මෙම නව කොවිඩ් වයිරස් ප්‍රභේදයේ ලක්ෂණ ලෙස හදුනාගෙන තිබෙන්නේ කැස්ස, සුවඳ සහ රසය නොතිබීම, අඛණ්ඩව පවතින උණ, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර අරුචිය සහ වමනය තත්ත්වයයි.

මෙම රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?