spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මේ දිනවල වහින වැස්සට තෙමෙන්න එපා කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල දූලි අංශු ප්‍රමාණය සැළකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මේ වනවිට දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අංශයේ අධ්‍යක්ෂක සරත් ප්‍රේමසිරි සඳහන් කළේ මෙම තත්ත්වයෙන් ආරක්ෂා වීමට මුඛ ආවරණයක් පැළඳීම ඉතා යෝග්‍ය බවයි.

මෙම තත්ත්වයත් සමඟ මේ දිනවල ඇඳ හැලෙන වර්ෂාවට අහිතකර අංශු එක්වී ඇති බැවින් එම වැසිවලට නොතෙමී සිටින ලෙස දන්වමින් සමාජ මාධ්‍යවල විවිධ දැනුම්වත් කිරීම් සිදුකර ආකාරය දැකගත හැකියි.

මෙම ප්‍රචාරයන් සම්බන්ධව කිසියම් සත්‍යතාවක් පවතින්නේ ද යන්න පිළිබඳව අප අධ්‍යක්ෂවරයාගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කර සිටියේ සුළු වශයෙන් එවැනි බලපෑමක් මෙම තත්ත්වය තුළ ඇතිවිය හැකි බවත්, වායුගෝලයට එක්වී ඇති දූලි අංශුවල බලපෑම අද (08) පස්වරුව වන විට පහව යනු ඇති බවයි.

මුඛ ආවරණයක් භාවිත කිරීම තුළින් මෙම තත්ත්වයෙන් මිදීමට හැකියාව පවත්න බව අධ්‍යක්ෂවරයා යළිත් අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?