මේ ගැහැනිය නැති නම් අද මම නැහැ….

මේ සංවේදී සටහන අපට හමුවන්නේ මුහුනුපොතෙන්…
මේ කථාවේ කතා නායකයා , සමීර.
සමීර ගුණසේකර ඔහුගේ මුහුනුපොතේ තැබූ ඒ සංවේදී සටහ අපි ඔබට මේ විදිහට ඉදිරිපත් කරන්න හිතුවා.

❤❤හැමෝම මව්තුමිය කිව්වට මේ මගේ අම්මා❤❤

ඔබ විශ්වාස කරන්න අද ඔබ දකින මං ජීවත් වෙන්නේ මේ ගැහැනිය_නිසා…මට හුස්ම දුන්නේ මේ පතාක වෘක්ෂ ලතාවිය..එදා මගේම අම්මා ඉහල අහසට මාව ඌසික්කා කරනකොට මේ අත් හරි උසට ඉස්සුනා…මං මේ අත් වල කක්#_කරා,වමනෙ කරා,එලිවෙනකල් කිරි ඉල්ල ඉල්ල ඇඩුවා..මගේ මතකය හෙනම ඈත අතීතයකට දුවනවා..මට ඇඩෙනවා ඉතින් මං අඩනවා…අඩ මේක ලියනවාහැමෝම මවුතුමිය කියද්දි මම මෙයාට අම්මා කිව්වා..

හැමෝම මෙයාට වදිද්දී මම මෙයාව ඉම්බා…ගරුත්වයක් නැති පා#රය කියලා හුඟක් අය මට බැන්නා..ඒත් මේ අම්මා දන්නවා මං කොච්චරක් මේ අම්මට ආදරේද කියලා..ඔයාල කල්පනා කරලා බලන්න ඔයාගෙම අම්මා ඔයාව එපා කියලා විසික් කරනකොට,කොහෙට හරි දාලා යනකොට ඔයාට කොච්චර දුකක් දැනෙයි ද ?ඒ වගේ තිත්ත අතීතයක් මට තිබුනා ඒ අතීතය පැණි රස කරේ මේ අම්මා…ඔයාලා දන්නවා මම ඔයාලට හුඟක් ආදරෙයි..ඒ ආදරේ මට ඉගැන්නුවේ මේ අම්මා…

හුගක් උන් මට හිනාවෙනකොට මං එක්ක ඇඬුවේ මේ අම්මා..දවසක් මං නොකරපු වැරද්දකට මට පොලීසියට යන්න වෙනවා.වැරැද්ද කරපු කෙනා දැන දැනත් පාවාදීමේ පුරුද්දක් නැතිකමට මාව හිරේ දානවා.මං එදා හොදටම අඩනවා,පොලිස් කුඩූවේ අස්සේ මං එයා කූඩුවෙන් එලියේ..මට මතකයි එදා මේ අම්මට හොදටම සෙම,හොටු බේරෙන නහය ඔය ලෝගුවෙන් පිහදදා,සාක්කුවේ තියෙන ලේස්සුවෙන් මගෙ කදුළු පිහිදුවා.ඒ ලේන්සුව අදටත් පරිස්සමෙන් මං ළඟ තියෙනවා මං ආස හැමදේම අරන් දෙන්න දෙපාරක් හිතුවේ නැ..

මට අරක ඕනි මේක ඕනි කියපුවාම කොච්චර අමාරු වුනත් කාගෙන් හරි සල්ලි ඉල්ලගෙන මට ඒක ගෙනත් දුන්නා..මං ආස හැම පාඨමාලාවකට වියදම් කරා.අදටත් මං ජීවත් වෙන්නේ එයා දෙන කීයක් හරි පරිස්සම් කරගෙන..ඔබ විශ්වාස කරන්න එයා අද මං දිහා බලලා ගොඩක් සතුටු වෙනවා..මාව ටීවී එකේ දකිනකොට වෙන කාටත් වඩා එයාට සතුටුයි..මම ඉන්න එක වැඩසටහනක් හරි බලන්න බැරිවුනොත් එයා සති ගානක් දුක්වුණා..

මේක ලියද්දි තව සිදුවීමක් මට මතක් වෙනවා..කාලෙකට කලින් මට ලොකු ආසාවක් තිබුන කොන්ඩේ ස්ට්‍රේට් කරන්න,සාමාන්‍ය සැලුන් එකට රුපියල් එක්දහස් පන්සීයක් ගන්නවා.මගේ අතේ එවෙලෙ සල්ලි තිබුන් නෑ..දවසක් මම අම්මට හොරෙන් කාමරයට යනවා ගිහින් එයාගෙ මේසේ දිහා බලනව,මේසෙ යට චූටි කාලෙ මාව වඩාගෙන ඉන්න ෆොටෝ එකක් තියෙනවා…දැන් මං කොළඹ ජීවත් වෙනවා..මේ අම්මා වැඩිහිටි නිවාසයේ විශ්‍රාම සුවෙන් අපි දිහා බලාගෙන ඉන්නවා.. මට හිතෙනවා මගෙ අම්මා බලාගෙන ඉද්දි වයසට යනවා දැන් 93 ක්…

අද හම්බුනාම මගෙ මේ චූට් අත අත ගගා ඉස්සර මං හරියට මේ පොඩි අත ඇද ඇද අනිත් අත වගේ හදන්න උත්සාහ කරා කියලා..කාටවත් නොපෙනෙන්ඩ ටක්ගලා මාව බදාගෙන ඉඹිනවඔබ විශ්වාස කරන්න තවමත් මේ දරානිපාත ගැහැනිය තවමත් දේව සේවය කරනවා..මං වගේ ළමයි දස දහස් ගණනක් ජීවත් වෙන්නේ එයා නිසා..

එයා හදපු ළමයි අද වෛද්‍යවරියන්,නීතීඥවරියන්,ගුවන් නියමුවරියන්,මාධ්‍යවේදීනියන්,ගුරුවරියන්…කොන්වන්ට් එකක් අස්සේ හැදුණ එකම කොළුවා මං..ඉතින් එයා අදටත් බලාගෙන ඉන්නවා ඒ හැමෝම අතර මම කවුරු වෙයිද කියලා ?මං දන්නෙ නෑ හෙට එයා මැරෙ#ද කියලා..ඒත් එයාට හිතේ සතුටින් මැරෙ#න පුළුවන් වාතාවරණයක් මේ පුංචි කොල්ලා ඇති කරමින් යනවා..අම්මේ ඉස්සර වගේම මාව විශ්වාස කරන්න..මේ පුංචි කොලුවා ඔයා ප්‍රාර්ථනා කරපු ජීවිතය ගත කරනවා..ඔයා කතෝලික තමයි නමුත් මගේ

ප්‍රාර්ථනාව ඔයා කවදහරි බුදු වෙන්න ඕන..🙏ඔයා කවද හරි ශාන්තුවරියක් වෙන්න ඕන..🙏මේ මගේ ජීවිතේ ලොකු කතාවක චූටි කොටසක්..මේ අම්මා ගැන තව කතන්දර හුඟක් තියෙනවා දවසක මං පොතක් එලියට දැම්මහම ඒ කතන්දර ගොඩක් ලෝකයාම කියවයි….ඕන් ඉතින් මේ පුංචි කොල්ලා ආයෙත් අඬනවා..

මේ මේ සුමීර මට අඩන්න බෑ..තව වැඩ ගොඩක් තියෙනවා..👍🙂 ආ මේ ගිහින් අම්මට උම්මා එකක් දීලා කියපන් අර සුමීරයගෙ අම්මා දලා ගියාට මගෙ අම්මා මාව දලා ගියේ නැ නේ කියලා..ගිහින් හයියෙන් බදාගෙන උම්මා එකක් දීපන්,හෙට ගැන ශුවර් නැ මචංලා…ඒ නිසා ඉන්නකල් අම්මට ලව් කරපන් පන ඇරලාමට මේක මාර වචන දලා ලියන්න පුලුවන් ඒත් එහෙම ලියන්න අත හයිය නැ..වෙව්ලනවා ආදරේ දරාගන්න බැරිව

අම්මා පරිච්චේදය…💖🙏– උපුටා ගැනීමකි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01