මේ අතපය වලංගු නැති ළදරු ටීම් එක කවදාවත් ක්‍රිකට් එපා නොවන අපටත් ක්‍රිකට් එපා කෙරෙව්වා

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති තරඟ 03 කින් සමන්විත විස්ස තරඟාවලියෙන් පූර්ණ ජයක් ලැබීමට එංගලන්තය සමත් වුණා.

ඒ, ඊයේ පැවති අවසන් විස්සයි විස්ස තරඟය ලකුණු 89 කින් ජය ගැනීමත් සමඟයි.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 180 ක් ලබා ගත්තා.

එහිදී ඩේවිඩ් මලන් ලකුණු 76 ක් සහ ජොනී බැරිස්ටෝ ලකුණු 51 ක් එංගලන්තය වෙනුවෙන් ලබාගත් අතර, දුෂ්මන්ත චමීර ලකුණු 17 කට කඩුළු 04 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු 05 කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 91 ක් පමණයි.

එහිදී බිනුර ප්‍රනාන්දු පමණක් ලකුණු විස්සක් ලබාගත් අතර, අනෙක් සියලු ක්‍රීඩකයින් ලකුණු 20 සීමාව පසුකර ගියේ නැහැ.

මේ අතර, ශ්‍රී ලංකාව ලද පරාජය සම්බන්ධයෙන් හිටපු ටෙස්ට් ක්‍රිකට් සහ ජාත්‍යන්තර තරඟ තීරක රොෂාන් මහානාම ට්වීටර් පණිවුඩයක් නිකුත් කර තිබුණා.

එමඟින් ඔහු සඳහන් කර ඇත්තේ වත්මන් ක්‍රිකට් කණ්ඩායම සහ මීට පෙර පැවති කණ්ඩායම් අතර බරපතල වෙනසක් තමන් නොදකින බවයි.

කෙසේ වෙතත්, රට වෙනුවෙන් ක්‍රීඩා කර ජයග්‍රහණය ලැබීමේ ආකල්පය වත්මන් ක්‍රීඩකයින් තුළින් ප්‍රදර්ශනය නොවීම පිළිබඳව කණගාටු වන බව රොෂාන් මහානාම සඳහන් කර තිබෙනවා.

එමෙන්ම, සමාජ මාධ්‍ය ඔස්සේ තරඟ පරාජය පිළිබඳ සටහනක් තබමින් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර ඇත්තේ “අත පය වලංගු නොමැති මෙම ළදරුවන් කවදාවත් ක්‍රිකට් එපා නොවන අපට අද ක්‍රිකට් එපා කළ” බවයි.

Screenshot 2021 06 27 at 10 5
Screenshot 2021 06 27 at 10 58 49 275438 4 webp WEBP Image 692 × 205


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53
Video thumbnail
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් පැවැත්වූ 67වන බණ්ඩාරනායක ගුණ සැමරුම
03:15
Video thumbnail
රටේ ගොඩක් පන්සල් අද ආර්ථික මධ්‍යස්ථාන..ධනය හූරගෙන කනවා - පන්සල්වල තරම් බිස්නස් වෙන්නේ නෑ කොහෙවත්
06:39
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51